කතරගම වෙඩිතැබීමක් වාර්තා වී තිබේ.
මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් 05 දෙනෙක් පමණ කඩු සහ ගිනිඅවි සහිතව එලෙස පැමිණ තිබූ බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරියෙකුත් සැකකරුවන් අතර සිටින බව වාර්තා වෙයි.
පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයින් පැනගොස් දිවි බේරාගෙන තිබේ.