Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහා පරිමාණ කොල්ල කල්ලියක් කොටුවෙයි
    Featured

    මහා පරිමාණ කොල්ල කල්ලියක් කොටුවෙයි

    By LFNAugust 30, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහා පරිමාණ කොල්ල කල්ලියක ප්‍රධාන සැකකරු ඇතුළු සිව්දෙනෙකු පූගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

    පොලීසිය පැවසුවේ මෙම පිරිස අතර කාන්තාවන් දෙදෙනකුද සිටින බවය.

    සැකකරුවන් රටපුර පිහිටි විවිධ ව්‍යාපාරික ස්ථානවලට රාත්‍රී කාලයේ ඇතුලුවී මෙලෙස භාණ්ඩ සොරකමේ නිරතව සිට ඇති බව අනාවරණය වී ඇත.

    පූගොඩ ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවි සැලකට ඇතුලුවී එහි භාණ්ඩ සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් හලාවත – දැදුරු ඔය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    එහිදී පොලීසිය විසින් කුඩා ලොරි රථයක් සහ ඔවුන් සන්තකයේ තිබූ ලක්ෂ 10ක් පමණ වටිනා රෙදි තොගයක්, ගෑස් සිලින්ඩර් 27ක් සහ බීම බෝතල් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

    සැකකරුවන් සහ සැකකාරියන් අතර සිටි තිදෙනෙකු දැදුරුඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් සැකකරුවෙකු පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී තිබේ.

    මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු රටපුරා විවිධ අධිකරණ වල පවතින නඩු 21 ක් සම්බන්ධයෙන් වරෙන්තුකරුවෙකු වී සිටින බවත්, පූගොඩ, මාදම්පේ , හෙට්ටිපොල, මදුරංකුලිය, පල්ලේවෙල, පුත්තලම , අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක සිදු කළ අපරාධ 11 කට සම්බන්ධ බවට මෙතෙක් සිදුකරන ලද විමර්ෂණවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 202602 Views

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ…

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.