Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 2025

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ව්‍යාජ ලේඛන සකස් කළ තරුණියක් හා තරුණයෙක් අත්අඩංගුවට
    Featured

    ව්‍යාජ ලේඛන සකස් කළ තරුණියක් හා තරුණයෙක් අත්අඩංගුවට

    By LFNAugust 28, 2023No Comments2 Mins Read172 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සැකකටයුතු මොටර් රථයක් නවතා එහි සිටි කාන්තාවගෙන් සහ පිරිමි පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඔවුන් සතුව තිබී ව්‍යාජ ලෙස සකසන ලද ලිපි ලේඛන රැසක් හමුව තිබේ.

    ඒ අනුව ව්‍යාජ ලේඛන ද සමග ඔවුන් දෙදෙනා නුවරඑළිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    එම සැකකරුවන් ව්‍යාජ ලේඛන රැගෙන නුවරඑළිය නගරයට මොටර් රථයකින් පැමිණෙන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ (27) සවස මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

    ඔවුන් සතුව තිබී මෝටර් වාහන ලියාපදිංචි සහතික 03ක්, ආදායම් බලපත්‍ර 03ක්, රක්ෂණ සහතික 03, ෆිනෑන්ස් ආයතනයක නම සඳහන් වාරික ගෙවා අවසන් බවට සඳහන් ලිපි 03ක්, වාහන පැවරීම සම්බන්ධයෙන් විරුද්ධ නොමැති බව පැවසෙන ලිපි 03ක්, අංක තහඩුව නැති වී ඇති බවට පොලීසිය වෙත කරන ලද පැමිණිලි පිටපත් 03ක්, ජාතික හැඳුනුම්පත් 03ක් සහ තාවකාලික රියදුරු බලපත්‍රයක් සොයාගෙන ඇත.

    සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දී ත්‍රීරෝද රථයක ලියාපදිංචි පොතක් සකසා දෙන බවට පවසා පේරාදෙණිය පොලිස් වසමේ පුද්ගලයෙකුගෙන් රුපියල් 180,000ක මුදලක් වංචා කර ඇති බවට අනාවරණය වී ඇත.

    පසුව ඒ සම්බන්ධ පැමිණිල්ල පේරාදෙණිය පොලීසිය වෙත යොමු කිරීමට කටයුතු කර තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය 21 හැවිරිදි හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බව හෙළි වී ඇත.

    ඔවුන් අද (28) නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 2025

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 20250125 Views

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක…

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

    September 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.