Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාදිනල් හිමිගෙන් රජයට දැඩි විරෝධයක්
    Featured

    කාදිනල් හිමිගෙන් රජයට දැඩි විරෝධයක්

    By LFNAugust 28, 2023No Comments2 Mins Read148 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳ ජනමත විමසුමක් පවත්වා ජනතා කැමැත්ත විමසිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    රාගම තේවත්ත ජාතික බැසිලිකාවේ පැවැති දේව මෙහෙයමකට එක්වෙමින් කාදිනල් හිමියන් අවධාරණය කළේ ඉතිහාසයේ සිට මේ රට විදේශිකයන්ට පාවාදුන්නේ රටේ පාලකයින් බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කාදිනල් හිමියන්,

    “අපේ රටේ කෑලි කෑලි විකුණ විකුණ එක එක රටවලට, එක එක බලවේගවලට යටත් වෙමින් විවිධ මෝඩ තීරණ ගනිමින් මේ රට විනාශය කරා ගෙන යන්නට කටයුතු කරමින් සිටිනවා. ඒ ගොල්ලෝ ඉන්දියාවට පාලමක් හදනවලු. දැන් ඉන්දියාවෙන් අපිට තියෙන ප්‍රශ්න මදැයි. ඔබට මතකයි පරිප්පු ගෙනත් දැම්මා එක කාලෙක. හමුදාවක් එව්වා ලංකාවට. ඔබට මතකයි ඒ අයගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි කියලා අපිට බල කෙරුවා. බල කරලා ඒවා අපේ කර උඩ පැටෙව්වා. තව පාලමකුත් හදාගත්තාම හොඳට තියෙයි. කවුද මේ මෝඩ කතා කියන්නේ. අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාවත් අපි කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා ඉඳලා නෑ. වෙන රටකින් කැඩිලා ගියේ නෑ. ලංකාව එදා ඉඳලම තිබුණේ වෙනම. මේ රටේ රජවරු ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තිබුණ ආර්ථික ගනුදෙනුවලට ගනුදෙනු කළා මිසක් අපි වහල්කම් කරන්න ගියේ නෑ කාටවත්ම. විදේශීය ජාතියකට අපේ රට යට වුණා නම්, යට වුණේ ආදරණීය සහෝදර සහෝදරියණි, අපේ නායකයින්ගේ පාවාදීම නිසයි. හෙටත් ඒ දේ වෙන්න පුළුවන්. මේ පාලමක් හැදීම පිළිබඳ අදහස සඳහා විශේෂ මහජන මත විමසුමක් ඇති කළ යුතුයි. මහජනතාවගේ මතය නැතිව මේ දේවල් කිරීම වැරදියි. අපේ රට වෙනුවෙන් අපි ඇත්තටම අද කනගාටු වෙනවා. නිදහස ලැබුවාට පස්සේ, අපිට තියෙන්නේ දැන් නිදහස නැති කරගන්න. ඉඩම් අක්කර දහස් ගණන් දෙමු අපි ඔක්කෝම රටවල්වලට. කෑලි කෑලිවලට කඩලා දෙමු හරි හොඳයි. එතකොට අපිට කිසිදෙයක් ඉතුරුවෙන්නේ නෑ. මේක අසනීපයක්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,585 Views
    Don't Miss

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 202604 Views

    අද (22) සිට ක්‍රියාත්මක වන පිරිදි ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ…

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026

    න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට

    March 22, 2026

    ඩීසල් ලීටර් 2200ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.