Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 2025

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»භාවිතයට නුසුදුසු අධි අන්තරායකර පළිබෝධනාශක 40ක් ලංකාවේ
    Featured

    භාවිතයට නුසුදුසු අධි අන්තරායකර පළිබෝධනාශක 40ක් ලංකාවේ

    By LFNAugust 28, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වගා කටයුතුවලදී හානිකර කෘමීන් විනාශ කිරීම සඳහාත් අස්වනු ඉහළ නැංවාගැනීම සඳහාත් ගොවීන් විවිධ රසායනික පළිබෝධනාශක භාවිත කරයි.

    එවැනි පළිබෝධ නාශකවල ප්‍රමිතිය හා යෝග්‍යතාව පිළිබඳව සමීක්ෂණ පවත්වනු ලබන්නේ ”ජාත්‍යන්තර පළිබෝධනාශක ක්‍රියාකාරි ජාලය” විසිනි.

    කෙසේ වෙතත් එම ජාලය 2022 වසරේදී ”අධි අන්තරායකර” සහ ”වගාවන් සඳහා භාවිතයට නුසුදුසු” ලෙස නම් කර ඇති පළිබෝධනාශක වර්ග 40ක් තවමත් මෙරට වගා සඳහා යොදාගන්නා බවට පරිසර යුක්ති කේන්ද්‍රයේ විශේෂ පර්යේෂණ කණ්ඩායමක් දිස්ත්‍රික්ක 09ක් ඇසුරින් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

    ඒ සමහර පළිබෝධ නාශක ඇතැම් රටවල තහනමට පවා ලක් කර ඇති ඒවා වීම විශේෂත්වයකි.

    නමුත් විමතියට කරුණ නම් මෙම රසායනික පළිබෝධනාශක 40 මෙරට භාවිතයට සුදුසු බවට 2016 නොවැම්බර් 24වනදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය අනුමත කර තිබීමය.

    ඒ අනුව මාධ්‍ය මේ සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් විමසූ විට එහි ඉහළ නිලධාරියකු සඳහන් කළේ ජාත්‍යන්තර වශයෙන් තහනමට ලක්ව ඇති කිසිදු පළිබෝධනාශක වර්ගයක් මෙරට භාවිතයට අනුමත කර නොමැති බවය.

    තොරතුරුවල පවතින පරස්පරතාව හේතුවෙන් මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසීය.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රජය නිකුත් කර ඇති ගැසට් නිවේදනය හා ජාත්‍යන්තර වශයෙන් තහනම් කළ පළිබෝධනාශක සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ඉල්ලා ඇති අතර ඉදිරියේදී ඊට අනුව ක්‍රියාකරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 2025

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    පියල් මනම්පේරි අත්අඩංගුවට – සම්පත් මනම්පේරිගේ පොහොට්ටු සාමාජිකත්වය තහනම් කරයි

    September 6, 20250125 Views

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක…

    මෙරට පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා DIG සිව්දෙනෙක් පත් කෙරේ

    September 6, 2025

    2025 වසරේ මේ දක්වා වෙඩිතැබීම් 96ක් – මරණ 50යි තුවාල 53යි

    September 6, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

    September 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.