Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»භාවිතයට නුසුදුසු අධි අන්තරායකර පළිබෝධනාශක 40ක් ලංකාවේ
    Featured

    භාවිතයට නුසුදුසු අධි අන්තරායකර පළිබෝධනාශක 40ක් ලංකාවේ

    By LFNAugust 28, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වගා කටයුතුවලදී හානිකර කෘමීන් විනාශ කිරීම සඳහාත් අස්වනු ඉහළ නැංවාගැනීම සඳහාත් ගොවීන් විවිධ රසායනික පළිබෝධනාශක භාවිත කරයි.

    එවැනි පළිබෝධ නාශකවල ප්‍රමිතිය හා යෝග්‍යතාව පිළිබඳව සමීක්ෂණ පවත්වනු ලබන්නේ ”ජාත්‍යන්තර පළිබෝධනාශක ක්‍රියාකාරි ජාලය” විසිනි.

    කෙසේ වෙතත් එම ජාලය 2022 වසරේදී ”අධි අන්තරායකර” සහ ”වගාවන් සඳහා භාවිතයට නුසුදුසු” ලෙස නම් කර ඇති පළිබෝධනාශක වර්ග 40ක් තවමත් මෙරට වගා සඳහා යොදාගන්නා බවට පරිසර යුක්ති කේන්ද්‍රයේ විශේෂ පර්යේෂණ කණ්ඩායමක් දිස්ත්‍රික්ක 09ක් ඇසුරින් සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

    ඒ සමහර පළිබෝධ නාශක ඇතැම් රටවල තහනමට පවා ලක් කර ඇති ඒවා වීම විශේෂත්වයකි.

    නමුත් විමතියට කරුණ නම් මෙම රසායනික පළිබෝධනාශක 40 මෙරට භාවිතයට සුදුසු බවට 2016 නොවැම්බර් 24වනදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය අනුමත කර තිබීමය.

    ඒ අනුව මාධ්‍ය මේ සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් විමසූ විට එහි ඉහළ නිලධාරියකු සඳහන් කළේ ජාත්‍යන්තර වශයෙන් තහනමට ලක්ව ඇති කිසිදු පළිබෝධනාශක වර්ගයක් මෙරට භාවිතයට අනුමත කර නොමැති බවය.

    තොරතුරුවල පවතින පරස්පරතාව හේතුවෙන් මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසීය.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රජය නිකුත් කර ඇති ගැසට් නිවේදනය හා ජාත්‍යන්තර වශයෙන් තහනම් කළ පළිබෝධනාශක සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ඉල්ලා ඇති අතර ඉදිරියේදී ඊට අනුව ක්‍රියාකරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.