Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ මහනගර සභාවේ මන්ත්‍රිනී සඳමාලිට පහරදීම ගැන විමර්ශන

    June 18, 2025

    පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

    June 18, 2025

    කථානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට විපක්ෂය සැරසෙයි

    June 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට
    Featured

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

    By LFNAugust 27, 2023No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 61,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

    කෙසේ වෙතත් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති අධිඅවදානම් කලාප සංඛ්‍යාව 34ක් දක්වා පහත වැටී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

    ඒ අනුව ඊයේ (26) දිනය දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,225ක් බව වාර්තා වේ.

    ජනවාරි සිට ජුලි මාසය හා සංසන්ධනය කර බැලීමේ දී අගෝස්තු මාසයේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අවම මට්ටමක පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

    ඒ අනුව ජූලි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,369 දෙනෙකු වාර්තා වී තිබුණ ද අගෝස්තු මාසයේ මේ දක්වා වාර්තා වී ඇත්තේ, ඩෙංගු රෝගීන් 4,536 දෙනෙකු පමණි.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, එම සංඛ්‍යාව 13,053ක් බව ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර ඇත.

    ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 12,963 දෙනෙකු, මහනුවරින් රෝගීන් 4,976 දෙනෙකු සහ කළුතරින් ඩෙංගු රෝගීන් 3,949 දෙනෙකු වාර්තා වී තිබේ.

    මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 38ක් වාර්තා වී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොළඹ මහනගර සභාවේ මන්ත්‍රිනී සඳමාලිට පහරදීම ගැන විමර්ශන

    June 18, 2025

    පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

    June 18, 2025

    කථානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට විපක්ෂය සැරසෙයි

    June 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,922 Views
    Don't Miss

    කොළඹ මහනගර සභාවේ මන්ත්‍රිනී සඳමාලිට පහරදීම ගැන විමර්ශන

    June 18, 20250116 Views

    කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය…

    පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබැලීමට දින දෙයි

    June 18, 2025

    කථානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි කිරීමට විපක්ෂය සැරසෙයි

    June 18, 2025

    විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු තිදෙනා රිමාන්ඩ්

    June 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.