කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුරදී මියගොස් තිබේ.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා අද දෙරණට ප්‍රකාශ කළේ ආසාත්මිකතාවයක් හේතුවෙන් ඔහු මියගියාද යන්න පිළිබඳව (27) පරීක්ෂණයක් පවත්වන බවය.
එතෙක් අදාළ ඖෂධය රෝගීන්ට ලබාදීම නතර කළ බව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.