ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී. විජේසුරිය මහතා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
මෙම තීරණය එළඹෙන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැනුම්දීමට නියමිත අතර එහිදී වෛද්‍ය ජී. විජේසුරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ද සිදුකිරීමට බලාපොරොත්තු වන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පළ කළේය.