විදේශ බුද්ධි අංශයකින් හෝ ආයතනයකින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
ඊයේ (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,
“කිසිම විදේශ බුද්ධි අංශයකින් හෝ ආයතනයකින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ ජාතිවාද කෝලහාල සම්බන්ධයෙන් අපිට කිසිම තොරතුරක් මේ වෙනකොට ලැබිලා නෑ. මේක බොහොම වගකීමෙන් මම කියනවා. ඒ වගේම විවිධ කටකතා ෆේස්බුක් ඒ වගේම තොරතුරු මත කියන තොරතුරුවලට හැමතිස්සෙම අපිට උත්තර දිදී ඉන්නත් බෑ. ඒක නිසා මම මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තුවට කරුණු දක්වනවා.”