Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහ බැංකුවෙන් විශේෂ චක්‍රලේඛයක්
    Featured

    මහ බැංකුවෙන් විශේෂ චක්‍රලේඛයක්

    By LFNAugust 25, 2023No Comments1 Min Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රතිපත්ති පොලී අනුපාත සමග බැංකු මගින් ලබාදී ඇති ණය සඳහා අයකෙරෙන සාමාන්‍ය පොලී අනුපාත අඩුකිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    පෙරේදා රැස්වූ මුදල් මණ්ඩලයේ තීරණ දැනුම්දීම සඳහා ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

    “අපි දැනුම්දීලා තිබුණා ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකරන ආකාරයට සහ මුදල් පතිපත්ති ද්‍රවශීලතාවය වැඩිවෙන ආකාරයට බලාපොරොත්තු වෙනවා වෙළෙඳපොළ පොලී අනුපාතත් අඩුවෙයි කියලා නමුත් අපි හිතපු තරමටම අඩුවෙලා නැත්නම් අපි ඒ වෙලාවෙත් ප්‍රකාශ කළා යම් ආකාරයක නියාමනය පැත්තෙන් ක්‍රියාමාර්ග ගන්න සිද්දවෙයි කියලා ඒ අනුව ගිය මුදල් මණ්ඩලයේ සාකච්ඡාව අනුව අපි දැක්කේ පොලී අනුපාත යම්කිසි ආකාරයක අඩුවීමක් වෙලා තියෙනවා නමුත් අඩුවීමේ වේගය තවමත් ප්‍රමාණවත් නොවන නිසා තවදුරටත් ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට පෙර මෙතෙක් අඩුකරපු ප්‍රතිපත්ති පොලී අනුපාත සහ අනෙකුත් ද්‍රවශීලතාවය වැඩිකිරීම සඳහා කරපු ඒවායේ සම්පූර්ණ වාසිය සහ ඒකෙ ප්‍රතිඵලය වෙළෙඳපොළ පොලී අනුපාතවලට යම්කිසි ආකාරයකට ලබාදීමට කාලයක් ලබාදියයුතු නිසා අපි කල්පනා කළා ඒකෙ තියෙන සම්පූර්ණ බලපෑම අනුව අඩුවීම යම්කිසි ආකාරයක ඉක්මන් කරලා සාමාන්‍ය පොලී අනුපාත මට්ටමකට ප්‍රතිපත්ති පොලී අනුපාතත් එක්ක ගැළපෙන අනිත් පොලී අනුපාතත් ඒකත් එක්ක ගැළපෙන සාමාන්‍යකරණය කිරීම සඳහා පරිපාලනමය වශයෙන් කළයුතු දේ ඇතුළත් චක්‍රලේඛයක් හෙට වෙනකොට නිකුත් කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.