Close Menu
Lanka Focus News
    What's Hot

    ධීවරයින්ට කාලගුණයෙන් ‍රතු නිවේදනයක්

    September 25, 2026

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    September 24, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»චන්ද්‍රයාන් 3 යානය සඳ මතට
    Gossip

    චන්ද්‍රයාන් 3 යානය සඳ මතට

    By LFNAugust 24, 2023No Comments1 Min Read190 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සඳ මත චන්ද්‍ර යානයක් ගොඩබැස්වූ සිව් වන ජාතිය බවට පත්වීම සඳහා ඉන්දියාව විසින් යවනු ලැබූ චන්ද්‍රයාන් 3 ඊයේ (23) සන්ධ්‍යාවේ සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස්වීමට නියමිතයි.

    ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ, ඉන්දීය වේලාවෙන් ඊයේ පස්වරු 06.04ට එම ඓතිහාසික අවස්ථාව උදාවන බවයි.

    සඳේ මෙතෙක් ගවේෂණයට ලක්නොවූ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ලූනා යානයක් ගොඩබැස්වීමට රුසියාව දැරූ ප්‍රයත්නය අසාර්ථක වී දින කිහිපය ඇතුළත මෙලෙස ඉන්දියාවේ අවස්ථාව උදා වී තිබේ.

    හින්දි සහ සංස්කෘත භාෂාවලින් සඳ යානය යන අරුත් ඇති චන්ද්‍රයාන්, සඳේ දක්ෂිණ ධ්‍රැවයට ළඟාවීමට දරන දෙවැනි ප්‍රයත්නය මෙය වේ.

    චන්ද්‍රයාන් 2, 2019 වසරේ දැරූ ප්‍රයත්නය අසාර්ථක වූයේ, එය සඳ මතට කඩා වැටීමෙනි.

    චන්ද්‍රයාන් 3, සඳේ දක්ෂිණ ධ්‍රැවයට සාර්ථක ගොඩබැස්වීමක් සිදුකිරීමට හැකිවුවහොත් ඉන්දියාවට එහි ආවාටවල ද්‍රව අයිස් විශ්ලේෂණයට ඉඩ සැලසෙනු ඇත.

    එය සඳේ භූවිද්‍යාත්මක සංයුතිය හඳුනාගැනීමට විශේෂයෙන් වැදගත් බව අභ්‍යවකාශ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

    චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා ඉන්දියාව පුරා පන්සල්, පල්ලි කෝවිල්වල ආගමික මෙහෙයන් පැවැත්වෙන අතර, පාසල් දරුවෝ ඉන්දීය ධජ ලෙලවමින් චන්ද්‍රයාන් සඳ මත ගොඩබසින සජීවි දර්ශන නැරඹීමට පෙළගැසී සිටිති.

    බ්‍රික්ස් සමුළුවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එය නරඹන්නේ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සිටයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,471 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,423 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ධීවරයින්ට කාලගුණයෙන් ‍රතු නිවේදනයක්

    September 25, 202604 Views

    බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ මුහුද…

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    September 24, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.