Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»චන්ද්‍රයාන් 3 යානය සඳ මතට
    Gossip

    චන්ද්‍රයාන් 3 යානය සඳ මතට

    By LFNAugust 24, 2023Updated:August 24, 2023No Comments1 Min Read189 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සඳ මත චන්ද්‍ර යානයක් ගොඩබැස්වූ සිව් වන ජාතිය බවට පත්වීම සඳහා ඉන්දියාව විසින් යවනු ලැබූ චන්ද්‍රයාන් 3 ඊයේ (23) සන්ධ්‍යාවේ සඳෙහි දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස්වීමට නියමිතයි.

    ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ, ඉන්දීය වේලාවෙන් ඊයේ පස්වරු 06.04ට එම ඓතිහාසික අවස්ථාව උදාවන බවයි.

    සඳේ මෙතෙක් ගවේෂණයට ලක්නොවූ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ලූනා යානයක් ගොඩබැස්වීමට රුසියාව දැරූ ප්‍රයත්නය අසාර්ථක වී දින කිහිපය ඇතුළත මෙලෙස ඉන්දියාවේ අවස්ථාව උදා වී තිබේ.

    හින්දි සහ සංස්කෘත භාෂාවලින් සඳ යානය යන අරුත් ඇති චන්ද්‍රයාන්, සඳේ දක්ෂිණ ධ්‍රැවයට ළඟාවීමට දරන දෙවැනි ප්‍රයත්නය මෙය වේ.

    චන්ද්‍රයාන් 2, 2019 වසරේ දැරූ ප්‍රයත්නය අසාර්ථක වූයේ, එය සඳ මතට කඩා වැටීමෙනි.

    චන්ද්‍රයාන් 3, සඳේ දක්ෂිණ ධ්‍රැවයට සාර්ථක ගොඩබැස්වීමක් සිදුකිරීමට හැකිවුවහොත් ඉන්දියාවට එහි ආවාටවල ද්‍රව අයිස් විශ්ලේෂණයට ඉඩ සැලසෙනු ඇත.

    එය සඳේ භූවිද්‍යාත්මක සංයුතිය හඳුනාගැනීමට විශේෂයෙන් වැදගත් බව අභ්‍යවකාශ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

    චන්ද්‍රයාන් 3 මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා ඉන්දියාව පුරා පන්සල්, පල්ලි කෝවිල්වල ආගමික මෙහෙයන් පැවැත්වෙන අතර, පාසල් දරුවෝ ඉන්දීය ධජ ලෙලවමින් චන්ද්‍රයාන් සඳ මත ගොඩබසින සජීවි දර්ශන නැරඹීමට පෙළගැසී සිටිති.

    බ්‍රික්ස් සමුළුවට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එය නරඹන්නේ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර සිටයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිතාගන්න බැරි තැනකට කොටුවුණු පියුමි! මට කා එක්කවත් තරගයක් නෑ! නිදහසේ හරියට කරන්න තමයි ආස!

    October 27, 2025

    නිරුවත් මළ සිරුරක් කුඹුරකින් හමුවෙයි

    August 18, 2025

    වයස්ගතම කලලයෙන් උපත ලැබූ වාර්තාගත බිලිඳා

    August 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 20260125 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය…

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026

    මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.