Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ජාතික උපදේශක කමිටුවක්
    Political

    දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ජාතික උපදේශක කමිටුවක්

    By LFNAugust 24, 2023No Comments2 Mins Read198 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට ජාතික උපදේශක කමිටුවක් පත්කර තිබේ.

    එම උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ ශ්‍රී ලංකාවේ මුලපිරීම්වල ප්‍රගතිය සමාලෝචනයට ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

    මෙම කමිටුව අවම වශයෙන් මාස 06කට වරක්වත් රැස්වී එම කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කළ යුතු බවට ද ජනාධිපතිවරයා යෝජනා කළේය.

    ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශේෂඥයන් රැසක් සහභාගී වී සිටි මෙම සාකච්ඡාවේ දී ඉදිරි දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රටක් ලෙස ක්‍රියාත්මක කළයුතු උපාය මාර්ගික වැඩපිළිවෙළ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

    දේශගුණික විපර්යාස නිසා ඇතිවන දේශීය මෙන්ම ගෝලීය අභියෝගයන්ට මුහුණදීමට ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව පැවසු ජනාධිපතිවරයා, ගෝලීය වශයෙන් එම අභියෝගය ජය ගැනීමේ දී ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවක වැදගත්කම ද පෙන්වා දී ඇත.

    සෑම කටයුත්තකදීම වැදගත් සාධකය වන්නේ, මූල්‍ය ක්ෂේත්‍රය බවත් දේශගුණික අභියෝගවලට මුහුණදිය හැකි අන්දමින් ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනඟා ගැනීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ.

    ඒසේම දේශගුණික අභියෝග ජය ගැනිමේ දී ජාත්‍යන්තර සම්මුතීන්ට සහ න්‍යාය පත්‍රවලට අනුගත ව කටයුතු කිරීමේ අවශතාව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙන්වා දෙනු ලැබීය.

    ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යා යුතු බවත් එය දේශගුණික විපර්යාස අවම කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ කැපවීමේ සංකේතයක් විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළේය.

    දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා මෙහි දී අදහස් දක්වමින් කියා සිටියේ, දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත විශ්වවිද්‍යාලය පිහිටුවීමේ කටයුතු පිළිබඳ කේම්බ්‍රිජ් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සමඟ සාකච්ඡා කර තිබෙන බවයි.

    එසේම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත දේශගුණික විපර්යාස සමුළුව (COP28) සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත කරුණු පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට ලක් කෙරිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගෑස් හිඟයක් නෑ.. බොරුවට බියවද්දන්න එපා -ඇමති විජිත කියයි

    December 18, 2025

    නාමල්ගේ ක්‍රිෂ් නඩුව පෙබරවාරියේ කැඳවයි

    December 18, 2025

    පනත් කෙටුම්පත් තුනකට කථානායකගේ සහතිකය

    December 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 20250116 Views

    සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන…

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.