අඟුරුවාතොට, ඌරුතුඩාව ප්රදේශයේ දී තරුණ මවක සහ මාස 11ක දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුගේ සිරුර බන්ධනාගාරය තුළ තිබියදී සොයාගෙන තිබේ.
කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු යුධහමුදා සෙබළෙකු වන සැකකරුගේ සිරුර සරමකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවෙයි.
මෙලෙස මියගොස් ඇත්තේ වරකාගොඩ සල්ගස් වත්ත මාවත ප්රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
සැකකරු අගුරුවාතොට ඌරුතුඩාව ප්රදේශයේ පදිංචිව සිටී 24 හැවිරිදි වාසනා කුමාරි සහ මාස 11 ක් වයසැති බිළිදියකවූ ටස්මි දිලන්යා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි.