බ්‍රිතාන්‍ය රෝහලකදී අලුත උපන් බිළිඳුන් 07 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකාරිය වූ එම රෝහලේ හෙදියකට අද බ්‍රිතාන්‍ය අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.
33 හැවිරිදි එම හෙද නිලධාරිනිය සේවය කළ රෝහලේ නව ජන්ම ඒකකය තුළ සිටි බිළිඳුන් 07 දෙනෙකු 2015 වසරේ ජුනි මාසයේ සිට ගතවූ වසරක කාලය තුළ ඝාතනය කර ඇති අතර තවත් බිළිඳුන් 06 දෙනෙකු ඝාතනය කිරීමට උත්සාහ දරා ඇති බවට ඇයට එරෙහිව චෝදනා එල්ල විය.