අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප්‍රශ්නකරන අපරාධ කල්ලි නායක නදුන් චින්තක නොහොත් “හරක් කටා”ගෙන් සහ සලිදු ගුණරත්න නොහොත් “කුඩු සළිඳු”ගෙන් අද (22) දින ප්‍රකාශ ලබාගැනීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයට ඊයේ (21) අවසර ලබාදුනි.
ඒ, විමර්ශන අවශ්‍ය පරිදි තුලනය කිරීමට එම දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියෙක් රුපියල් කෝටි 13ක මුදලක් ඉල්ලූ බවට “කුඩු සළිඳු” කොටුව මහෙස්ත්‍රාත්වරයාට ලබාදී ඇති රහස් ප්‍රකාශයට අදාළව සිදුකරන විමර්ශන සඳහා ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලූ අවස්ථාවේදීය.