කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳෙකු ඖෂධයක් ලබාදීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්ව මියගිය බවට අවිස්සාවේල්ල ප්‍රදේශයේ මව්පිය යුවළක් චෝදනා කරයි.
අවිස්සාවේල්ල, ඇපලපිටියේ පදිංචිව සිටි අට මස් වියැති ටෙෂාන් විදුනෙත් රෝගී තත්ත්වයක් හේතුවෙන් අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට අගෝස්තු 04 වැනිදා ඇතුළත් කර තිබුණි.
වැඩිදුර ප්‍රතිකාර සඳහා ටෙෂාන් අගෝස්තු 05 වැනිදා මාරුකර ඒවා තිබුණේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලටය.
බිළිඳාගේ රෝගය නිශ්චිතව තහවුරු කර නොගෙන වෛද්‍යවරු අනුමානකළ කරුණු මත එහිදී ප්‍රතිකාර ලබාදුන් බවට මව්පියන් චෝදනා කරයි.
ඒ අතරතුර ලබාදුන් නික්ෂේපණ ඖෂධයක් නිසා පුංචි ටෙෂාන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ බව මව්පියන් පවසයි.
අසාධ්‍යව ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳු ටෙෂාන් පසුගිය 19 වැනිදා සිය ජීවිතයට සමුදී තිබුණි.
ටෙෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පවුලේ සුසාන භූමියේදී සිදුකෙරුණේ ඊයේ පස්වරුවේදීය.
කෙසේ වෙතත් ඖෂධ අසාත්මිකතාවකින් බිළිඳාගේ මරණය සිදුවූ බවට එල්ල වන චෝදනාව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා ප්‍රතික්ෂේප කරයි.