Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඔසුසැලකින් දියවැඩියා රෝගියාට පිළිකා ඖෂධ දීලා
    Featured

    ඔසුසැලකින් දියවැඩියා රෝගියාට පිළිකා ඖෂධ දීලා

    By LFNAugust 21, 2023No Comments2 Mins Read183 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉංගිරියේ පෞද්ගලික ඔසුසැලකින් වැරදීමකින් නිකුත් කළ ඖෂධයක් භාවිතයෙන් පසු කාන්තාවක් රෝගී වී මියගිය බවට පුවතක් හොරණ ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

    මියගිය කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන්නේ අධි රුධිර පීඩනය සහ දියවැඩියාවෙන් පෙළුණු ඇයට එම ඔසුසැල නිකුත් කර ඇත්තේ පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධයක් බවය.

    මෙලෙස මිය ගොස් තිබුණේ ඉංගිරිය ඉහළ ඌරගල පදිංචිව සිටි හැට දෙහැවිරිදි පී.එම්.සෝමවතී මහත්මිය යි.

    අධි රුධිර පීඩනයෙන් සහ දියවැඩියාවෙන් කලක සිට පෙළුණු ඇය හොරණ මූලික රෝහලේ සායනයෙන් ඊට ප්‍රතිකාර ලබාගෙන තිබුණි.

    ඒ අනුව ඇගේ රෝග විනිශ්චය වාර්තා ද රැගෙන ඇගේ සැමියා පසුගිය 31 වනදා රෝහලේ සායනයට ගොස් තිබුණේ ඇයට අවශ්‍ය ඖෂධ රැගෙනඒම සඳහාය.

    එහිදී ඔහුට රෝහලේ සායනයෙන් ඖෂධ කිහිපයක් ලබා දී ඇති අතර නොතිබුණ ඖෂධ කිහිපයක් පෞද්ගලික ඔසුසැලකින් මිල දී ගන්නා ලෙස පවසා තිබේ.

    ඒ අනුව ඉංගිරියේ පෞද්ගලික ඔසුසැලින් ලබාගත් ඖෂධ සතියක් පමණ භාවිත කරන විට සෝමවතී මහත්මියට යම් අපහසුතා හටගෙන ඇත.

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මියගිය කාන්තාවගේ සැමියා වන ඩබ්ලිව්. ලීලාරත්න මහතා,

    “එයාගේ කටේ තුවාල දාලා වතුරවත් බොන්න බැරුව ගියා. ඊට පස්සේ බඩ දැවිල්ල, මුත්‍රා අමාරු, බඩ යෑම ආවා. සේරම වණවෙලා දැවිල්ල හැදුණා.”

    එලෙස එක්වරම රෝගී වූ සෝමවතී මහත්මිය කඩිනමින් රෝහල්ගත කිරීමට ඥාතීන් පසුගිය 10 වනදා කටයුතු කර තිබූ අතර ඇගේ රෝගී තත්ත්වයට හේතුව අනාවරණ වී තිබුණේ ඒ අතරතුරය.

    ඩබ්ලිව්. ලීලාරත්න මහතා,

    “මිසී කෙනෙක් බලලා තියෙනවා, මෙයාට දුන්න බෙහෙත් මොනවාද කියලා. ඒ අවස්ථාවේ තමයි මේ වැරදි බෙහෙත හඳුනාගෙන තියෙන්නේ හොස්පිටල් එකෙන්.”

    ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පී.එම්.සෝමවතී මහත්මියගේ ලේලිය,

    “ෆාමසියෙන් පිළිකාවට දෙන බෙහෙතක් තමයි අම්මට දිලා තියෙන්නේ. අම්මා සතියක් තිස්සේ ඒ බෙහෙත තමයි බීලා තිබුණා. බෙහෙත් විෂවෙලා තමයි අම්මාගේ ජීවිතේ අද අපිට නැති වුණේ.”

    සෝමවතී මහත්මියගේ මරණය සම්බන්ධයෙන් ඥාතීන් ඉංගිරිය පොලිසීයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    පී.එම්.සෝමවතී මහත්මියගේ දියණිය,

    “නීතියෙන් කරන්න පුළුවන් දෙයක් කරන්න මහත්තයා. අපේ අම්මගේ වගේම තවත් ජීවිතනේ ඒවා එක්ක සෙල්ලම් කරන්න දෙන්න එපා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.