Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බහුතරය නොතිබූ පළාත් පාලන ආයතන කිහිපයක බලය තීන්දුයි

    June 17, 2025

    තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න

    June 17, 2025

    කථානයකගේ තීරණයට විරෝධය පා මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සභාවෙන් ඉවත් වෙති

    June 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුවළක් දැල්වූ ගිනිකූරක් අක්කර 03ක් ගිනිතබයි
    Featured

    යුවළක් දැල්වූ ගිනිකූරක් අක්කර 03ක් ගිනිතබයි

    By LFNAugust 20, 2023No Comments1 Min Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුණෑගල ඇතුගල කන්ද නැරඹීමට ගිය යුවළක් දැල්වූ ගිනිකූරකින් ඇතුගල රක්ෂිතයේ අක්කර තුනක පමණ ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී තිබේ.

    පොලිස් අත්අඩංගුවට පත්වූ පෙම්වතුන් දෙදෙනා එළඹෙන 21ක් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියම කළේය.

    මෙම යුවළ ඊයේ උදෑසන කුරුණෑගල පොලිස් වසමේ ඇතුගල කඳු මුදුනේ පිහිටි බුදුපිළිමය නැරඹීමට පැමිණ තිබුණි.

    පොලිසිය පැවසුවේ, දෙදෙනාගේ පළමු හමුව වූ ඊයේ තරුණයාගේ සාක්කුවෙන් ගිනිපෙට්ටියක් හමුවීමත් සමග තරුණිය ඒ පිළිබඳ ප්‍රශ්න කර ඇති බවය.

    පසුව තරුණිය ගිනිපෙට්ටියේ තිබූ ගිනිකූරු දෙක දල්වා රක්ෂිතයට විසිකිරීම හේතුවෙන් එහි ගින්නක් හටගෙන තිබුණි.

    මෙය දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ පොලීසියට දන්වා ඇති අතර කුරුණෑගල නගරසභා සේවකයින්ගේ සහායෙන් ගින්න මැඩපවත්වනු ලැබීය.

    ගින්නෙන් විනාශ වූ ප්‍රදේශය අක්කර 03ක් බව පොලීසිය පවසයි.

    ගින්නත් සමග පහළට දිවගොස් ඇති පෙම්වතුන් දෙදෙනා පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    අත්අඩංගුවට ගත් යුවළ මාතලේ සහ මහව ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 24 සහ 20 යන වයස්වල පසුවන්නන්ය.

    පොලීසිය පැවසුවේ තරුණයා යුද හමුදා සෙබළෙක් බවය.

    අත්අඩංගුවට ගත් යුවළ කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බහුතරය නොතිබූ පළාත් පාලන ආයතන කිහිපයක බලය තීන්දුයි

    June 17, 2025

    තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න

    June 17, 2025

    කථානයකගේ තීරණයට විරෝධය පා මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සභාවෙන් ඉවත් වෙති

    June 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,922 Views
    Don't Miss

    බහුතරය නොතිබූ පළාත් පාලන ආයතන කිහිපයක බලය තීන්දුයි

    June 17, 20250121 Views

    ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ පාර්ශ්වයකට බහුතර බලය ලබාගැනීමට නොහැකි…

    තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න

    June 17, 2025

    කථානයකගේ තීරණයට විරෝධය පා මන්ත්‍රීවරු කිහිපදෙනෙකු සභාවෙන් ඉවත් වෙති

    June 17, 2025

    චාමර සම්පත් දසනායකගේ නඩුවක් කල්යයි

    June 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.