වැඩ තහනමට ලක්වී සිටින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් මහතා අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
පසුගිය 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගෙන ඇත්තේ රාජ්‍ය සේවා කොමිසමේ නිර්දේශ මතය.
වෛද්‍ය රුහුල් හක් විසින් ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසු මිය ගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර තිබුණි.
ඔහු එම පරීක්ෂණ සිදුකර තිබුණේ වැඩ තහනමට ලක්කර සිටි පසුබිමකය.