කුමන ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ පත්වුවද චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති විශ්වාසනීය මිත්‍රත්වය තහවුරු කිරීමට කටයුතු කළයුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
චීන සංචාරය අතරතුර සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ චීන ජනාධිපති ෂී ජින් පින් මහතා ගෝලීය ආර්ථීක, දේශපාලන හා ආරක්ෂක අර්බුදයන් හමුවේ දැවැන්ත නායකත්වයක් ලබාදී ඇති බවය.
චීනයේ සංචාරයක නිරත අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීන මාධ්‍ය සමුහයේ සිංහල අංශය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට (18) එක්වී තිබුණි.