Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වහාම ක්‍රියාත්මක වන පරිදි හරීන්ට එජාපයේ ප්‍රධාන තනතුරක්

    October 21, 2025

    මෙරට රන් මිල රු 5,000කින් පහළට

    October 21, 2025

    ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම ඉහළට – අවධානයෙන් ඉන්න

    October 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලිංගික හිංසන සිද්ධියට මන්ත්‍රිනී සංසදයත් වැඩ අරඹයි
    Featured

    ලිංගික හිංසන සිද්ධියට මන්ත්‍රිනී සංසදයත් වැඩ අරඹයි

    By LFNAugust 19, 2023No Comments1 Min Read241 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සමහර රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් අද හෙටම ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

    එසේම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් කතානායකවරයා හමුවීමට තීරණය කර ඇතැයිද ඇය සඳහන් කළාය.

    මෙම සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය කළ මාධ්‍යවේදීන්ට ස්තුතිය පුද කරන බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දැන් කළ යුත්තේ මාධ්‍ය හෙළිකළ තොරතුරු මත පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් අනාවරණය කරගෙන ඔවුනට දඬුවම් කිරීම බවද ප්‍රකාශ කළාය.

    මේවා හෙළි කළ මාධ්‍ය පසුපස හඹා යෑම නොකළ යුතු බවද ඇය සඳහන් කළාය.

    සිද්ධිය සම්බන්ධයෙන් යම් යම් තොරතුරු හෙළිවීම නිසා ප්‍රධානියකුගේ වැඩ තහනම් කර ඇති හෙයින් මේ පිළිබඳව පරීක්ෂණ දිගටම පවත්වා සෙසු සැකකරුවන්ද කොටු කර ගැනීම පරීක්ෂණ කමිටුවේ වගකීම බව පැවසූ සභාපතිවරිය කමිටුවේ පරීක්ෂණ සඳහා මන්ත්‍රීවරියන්ගේ සංසදයද සියලු සහයන් දෙන බව සඳහන් කළාය.

    තරුණ සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පරීක්ෂණ අපක්ෂපාතීව පැවැත්විය යුතු බවත් ඒවාට බාධා කිරීමට කිසිදු නිලධාරියකුට ඉඩ නොදිය යුතු බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ලලිත් ඩුබායිහිදී අත්අඩංගුවට

    October 14, 2025

    නිශාන්ත උළුගේතැන්නට ඇප

    October 14, 2025

    ශෂීන්ද්‍ර රාජපක්ෂට ඇප

    October 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,377 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    වහාම ක්‍රියාත්මක වන පරිදි හරීන්ට එජාපයේ ප්‍රධාන තනතුරක්

    October 21, 202506 Views

    වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.…

    මෙරට රන් මිල රු 5,000කින් පහළට

    October 21, 2025

    ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම ඉහළට – අවධානයෙන් ඉන්න

    October 21, 2025

    ටොනේඩෝවකින් ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයකට හානී

    October 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.