කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීටකරන ඒකකයේ විශේෂඥ වෛද්‍යවරයකු නොමැති වීම නිසා විශේෂ ප්‍රතිකාර සඳහා දරුවන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට යොමුකිරීමට සිදුව තිබේ.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේ, ශල්‍යාගාර පහසුකම් සහ දැඩි සත්කාර පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා හෘද සැත්කම් සඳහා දීර්ඝ පොරොත්තු ලේඛනයක් නිර්මාණය වී ඇති බවයි.
කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය එච්.ඩී.යූ. රංග මහතා පැවසුවේ, ළමා හෘද කැතීටකරන ඒකකය තුළ සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාම සේවයෙන් ඉවත් වී ඇති බවයි.
ඒ අනුව කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන දරුවන් විශේෂ ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත යොමුකරන බව වාර්තා වෙයි.