මාස 06ක් සඳහා මෙගාවොට් 100ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිල දී ගැනීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබේ.
කොන්දේසි තුනකට යටත්ව ඊට අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කළේය.
එම කොන්දේසි අනුව කුසලතා පදනම මත විදුලිය මිල දී ගත යුතු අතර, ගිවිසුම් කාලය අවසානයේ එම මිල දී ගැනීම පිළිබඳ ස්වාධීන විගණනයක් ද සිදුකළ යුතු වේ.
අවම පිරිවැය මත එම විදුලිය මිල දී ගැනීම සිදුකළ යුතු බවත් එහි සඳහන්ය.
එමෙන්ම කොත්මලේ,පොල්පිටිය රැහැන මෙම අගෝස්තු 31 වනදාට පෙර සක්රීය කළ යුතු වීමත් එහි එක් කොන්දේසියකි.