Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

    September 5, 2025

    ප්‍රජාශක්ති ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට

    September 5, 2025

    ඇල්ල බස් අනතුර- මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු සේවකයින් 12ක්

    September 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක විකිණූ මහා පරිමාණ ජාවාරමක් කොටුවෙයි
    Featured

    ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක විකිණූ මහා පරිමාණ ජාවාරමක් කොටුවෙයි

    By LFNAugust 17, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ක්‍රීඩකයින්ට තහනම් උත්තේජක අලෙවි කළ පුද්ගලයෙක් පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ ඊයේ (16) දහවල් වත්තල පොලිස් වසමේ දී ලද තොරතුරකට අනුව වැටලීමක් සිදුකළ බවය.

    එහිදී අවේක්ෂණ රාජකාරියකින් පසුව උපාය දූතයෙක් හට එන්නත් සහ පෙති වශයෙන් උත්තේජක ද්‍රව්‍ය රුපියල් 38,000ක මුදලකට විකිණීමට යෑමේදී සැකකාර පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන වත්තල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

    සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී එම තහනම් උත්තේජක නීතිවිරෝධී ලෙසට මෙරටට ආනයනය කළ ආයතනය පිළිබඳව අනාවරණය වී තිබේ.

    එම තොරතුරු මත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නිලධාරීන් විසින් බොරැල්ල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහු වැඩිදුර විමර්ශන සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරයේ භාරයට පත්කර තිබේ.

    එම තහනම් උත්තේජක මඟින් ලිංගික බෙලහීනතාවය, පුරස්ථි ග්‍රන්ථි, වකුගඩු හා වෘෂණ කෝෂ වෙනස් වීම වැනි රෝගවලට ගොදුරු විය හැකි බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් පෙන්වා දී ඇත.

    මෙම සැකකරු වයස අවුරුදු 29ක් වූ ජාඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද (17) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

    September 5, 2025

    ප්‍රජාශක්ති ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට

    September 5, 2025

    ඇල්ල බස් අනතුර- මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු සේවකයින් 12ක්

    September 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,290 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

    September 5, 20250123 Views

    ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන්…

    ප්‍රජාශක්ති ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට

    September 5, 2025

    ඇල්ල බස් අනතුර- මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු සේවකයින් 12ක්

    September 5, 2025

    බස් අනතුරේ සහන කටයුතු සඳහා හෙලිකොප්ටර යානා 2ක්

    September 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.