Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැන අනතුරු ඇඟවීමක්
    Featured

    සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැන අනතුරු ඇඟවීමක්

    By LFNAugust 17, 2023No Comments1 Min Read177 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙස කටයුතු කරන රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසූරිය මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

    ඉදිරි සතියක කාලය තුළ නිසි ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අසමත් වුවහොත් එළැඹෙන 23 වනදා පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවෙන් පසු දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කරා යොමු වීමට තීරණය කර ඇති බව එම සංගමය පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි නිලයන් මඟහරිමින් ඉහළ නිලධාරීන් සමඟ ගනුදෙනු කරන වෛද්‍ය ජී.විජේසූරිය මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදෙන උපදෙස් පිළිපැදීම ප්‍රතික්ෂේප කරමින් කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර තිබේ.

    දිවයින පුරා ඉන්සියුලින් නික්ෂේපනවල දැඩි හිඟයක් තිබිය දී රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ අතිරික්ත තොග රඳවා ගනිමින් අනෙකුත් රෝහල් හා රෝගීන් වෙත අසාධාරණයක් සිදු කිරිමට ද රෝහල් අධ්‍යක්ෂවරයා කටයුතු කර ඇති බව ඔවුහූ වැඩිදුරටත් අවධාරණය කරති.

    මේ අතර, විශේෂඥ වෛද්‍යවරුන්ට විදෙස්ගත වීම තහනම් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා සඳහන් කරයි.

    විශේෂඥ සහ නිර්වින්දන වෛද්‍යවරුන්ට විදෙස්ගත වීම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ඊයේ (16) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026012 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.