Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

    September 5, 2025

    ප්‍රජාශක්ති ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට

    September 5, 2025

    ඇල්ල බස් අනතුර- මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු සේවකයින් 12ක්

    September 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උණ ට බෙහෙත් ගත් පසු දැරියගේ පෙනීම දුර්වල වුණා – මව්පියන්
    Featured

    උණ ට බෙහෙත් ගත් පසු දැරියගේ පෙනීම දුර්වල වුණා – මව්පියන්

    By LFNAugust 16, 2023No Comments1 Min Read254 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඖෂධයක් ආසාදනයවීම හේතුවෙන් 11 හැවිරිදි දැරියකගේ පෙනීම දුර්වලවී ඇති බව කියන පුවතක් රත්නපුර හුණුවල මොරතොට ප්‍රදේශයෙන් වාර්තා විය.

    හුණුවල ධර්මරාජ විද්‍යාලයේ 05 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිමන්සා සත්සරනි මෙම සිද්ධියට මුහුණ දී තිබේ.

    ඇය රත්නපුර හුණුවල මොරතොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    ඇය පාසලේ ශිෂ්‍ය නායිකාවක් ද වන අතර ඉගෙනීමටද දක්ෂ දරුවෙකි.

    නිමන්සා උණ රෝගයක් වැළඳීම හේතුවෙන් එම ප්‍රදේශයේ පුද්ගලික බෙහෙත් ශාලාවකට ගොස් ඖෂධ ලබාගෙන තිබුණි.

    එම ඖෂධ භාවිතයට ගැනීමෙන් පසු ශරීරය පුරා තුවාල හට ගෙන ඇති බව ඇයගේ මව්පියන් පවසයි.

    පසුව අදාළ රෝගය සඳහා ඖෂධ ලබාගත් වෛද්‍යවරයා වෙත දැරියව යළිත් රැගෙන ගොස් තිබේ.

    ඉන්පසු වෛද්‍යවරයා පවසා ඇත්තේ නිමන්සා සරම්ප රෝගයට ගොදුරුවී ඇති බවය.

    කෙසේවෙතත් එම රෝගයෙන් සුවයක් නොලැබූ නිසා දියණිය රත්නපුර රෝහලට රැගෙන යෑමට මව්පියන් කටයුතු කර තිබේ.

    රත්නපුර රෝහලට රැගෙන ගිය පසු දැරියව රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරුකර යවා ප්‍රතිකාර ලබාදී ඇත.

    නිමන්සා රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් සාමාන්‍ය සුව ලබා මාසයකට පසු නැවත රත්නපුරයට පැමිණ තිබුණි.

    කෙසේවෙතත් දැරියගේ මව්පියන් චෝදනා කරන්නේ සිය දියණියට 2023 අප්‍රේල් 06 වනදා සිට ඇයගේ දෙනෙත්වල පෙනීම දුර්වල වූ බවය.

    ශරීරය පුරාම තුවාල සලකුණු ද දැකගන්නට ඇති බවත් ඔවුන් පවසයි.

    නිමන්සාගේ දෙමව්පියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකර තම දරුවා බේරාදෙන ලෙසටය.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට ද පැමිණිල්ලක් ලැබී ඇති බවත් වාර්තා විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

    September 5, 2025

    ප්‍රජාශක්ති ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට

    September 5, 2025

    ඇල්ල බස් අනතුර- මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු සේවකයින් 12ක්

    September 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,290 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

    September 5, 20250122 Views

    ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන්…

    ප්‍රජාශක්ති ඇතුළු රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනයට

    September 5, 2025

    ඇල්ල බස් අනතුර- මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම් ඇතුළු සේවකයින් 12ක්

    September 5, 2025

    බස් අනතුරේ සහන කටයුතු සඳහා හෙලිකොප්ටර යානා 2ක්

    September 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.