Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

    March 23, 2026

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගාලුමුවදොර පිටියෙන් අරගලකරුවන් නික්ම ගොස් වසරක් ගතවුවද බලාපොරොත්තු ඉටුවී නැතැයි සමීක්ෂණයකින් හෙළිවේ.
    Featured

    ගාලුමුවදොර පිටියෙන් අරගලකරුවන් නික්ම ගොස් වසරක් ගතවුවද බලාපොරොත්තු ඉටුවී නැතැයි සමීක්ෂණයකින් හෙළිවේ.

    By LFNAugust 15, 2023Updated:August 17, 2023No Comments1 Min Read404 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාලුමුවදොර පිටියෙන් අරගලකරුවන් නික්ම ගොස් වසරක් ගතවුවද ‘අරගලයේ’ බලාපොරොත්තු ඉටුවී නැතැයි මෙරට ජනතාවගෙන් සියයට 60 කගේ මතය යැයි ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි.

    රට ගොඩගැනීමට නම් දූෂිත අයහපත් පාලනය නිවැරදි කළ යුතු යැයි මෙරට ජනතාවගෙන් සියයට 51 ක් විශ්වාස කරන බවත් රට යළි ගොඩගැනීමට නම් ආර්ථික ක්‍රමය වෙනස් කිරීම අවශ්‍ය යැයි සියයට 34 ක් පවසන බවත් එම ආයතනය කියයි.

    ගාලුමුවදොර කේන්ද්‍රකරගෙන පැවති අරගල ව්‍යාපාරයට වසරක් සම්පූර්ණ වීමේ පසුබිමේ සිට රටේ ජනතාව අරගලයෙන් බලාපොරොත්තු වූ දේවල් ඉටුවීම, නොවීම සම්බන්ධයෙන් දරන අදහස් දැනගැනීමට කළ සමීක්ෂණයකදී මෙම තොරතුරු හෙළි වූ බව ද ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කළේය.

    අරගලය තුළින් ජනතාවගේ බලාපොරොත්තු, අභිලාෂයන් සහ සිතුම් පැතුම් ඉටු වූයේද, නැතිද, යැයි ඇසූ පැනයට බොහෝදුරට ‘නැත’ යැයි බහුතරයක් ජනතාව පිළිතුරු දී ඇති බවත් එම බලාපොරොත්තු, අභිලාෂයන් සහ සිතුම් පැතුම් බොහෝදුරට ඉටුවූයේ යැයි සියයට 11 ක් ද, සියටය 29 ක් අදහසක් ප්‍රකාශ කර නොමැති බවත් එම ආයතනය කීය.

    රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් වැඩිහිටි ශ්‍රී ලංකා පුරවැසියන් 1008 දෙනෙකුගේ නියැදියක් පදනම් කරගෙන මෙම සමීක්ෂණය කළ බව කී ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය දත්ත මෙම වසරේ ජූනි මස එකතු කළ බව ද සදඟන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

    March 23, 2026

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 202603 Views

    ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්‍රී ලංකාවේ…

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

    March 23, 2026

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026

    යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

    March 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.