Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 8, 2026

    මාරක අනතුරු කිහිපයක් – 5දෙනෙකුට දිවි අහිමි වෙයි

    March 8, 2026

    ඊශ්‍රායලයට බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට ට්‍රප්ගේ අනුමැතිය

    March 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»ඉන්දීය රියැලිටි වේදිකාව ජයගත් අපේ කිල්මිෂා
    Gossip

    ඉන්දීය රියැලිටි වේදිකාව ජයගත් අපේ කිල්මිෂා

    By LFNAugust 15, 2023No Comments2 Mins Read189 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යොවුන් ගායන ශිල්පිනි යොහානි ද සිල්වාගෙන් පසු ජාත්‍යන්තරයේ අවධානය යොමුකර ගැනීමට යාපනයේ පුංචි කිල්මිෂාට හැකියාව ලැබී තිබේ.

    මේ දිනවල කාගෙත් කතා බහට ලක්ව ඇති කිල්මිෂා මේ වනවිට 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

    කිල්මිෂා සහභාගී වු සුප්‍රකට ඉන්දීය රියැලිටි ප්‍රසංගයකදී ඇයගේ ගායනය විනිසුරුවන්ගේ දෑස් කඳුළින් තෙත් කිරීමට සමත්වුණි.

    එම ප්‍රසංගයේ විනිසුරුවරුන් ලෙස ඉන්දියොවේ සංගීත ශිල්පීන් සහ ගායකයින් රැසක් සහභාගී වී සිටියහ.

    ඉතා සුන්දර අයුරුන් ගායනේ නියැලුණු කිල්මිෂා ඉන් අනතුරු විනිසුරුවන්ට පවසා සිටියේ, තමන් ශ්‍රී ලාංකිකයෙක් බවය.

    තමිල්නාඩුවේ පැවති රියැලිටි ප්‍රසංගයේ දී තරග කිහිපයකින් ජයග්‍රහණය හිමිකර ගත් කිල්මිෂා මේ වනවිට ලංකාවේ රසිකයින්ගේ හදවත් ද සොරා ගෙන අවසන්ය.

    වයස අවුරුදු 3 සිට ගීත ගායනයට දක්ෂතා දක්වන කිල්මිෂා සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන්ගෙන් ගීත ගායනා කිරීමේ හැකියාව හිමි අයෙකි.

    අමෙරිකාවේ ආයතනයක් මඟින් පැවැත්වු ගායන තරගයකින් ද ඇය හොඳම ගායනයට හිමි සම්මානය දිනාගෙන තිබේ.

    එපමණක් නොව ඇය ගීත ඇල්බම රැසකට ද සිය ගායනා එක්කර ඇත.

    යාපනයේ පැවති ප්‍රසංගයක දී ඇයගේ ගායන දක්ෂතාවය පිළිබඳ පැහැදී ඇති ඉන්දීය සංගීතාඥයින් පිරිසක් ඇයට කිසිදු හඬ පරීක්ෂාවකින් තොරව මෙම රියැලිටි ප්‍රසංගයට සහභාගී වෙන ලෙස දන්වා තිබේ.

    ඒ අනුව ඇය මෙම වැඩසටහනට එක්ව ඇතැයි වාර්තා වේ.

    කෙසේවෙතත් පුංචි කිල්මිෂාගේ අනාගත බලාපොරොත්තුව වන්නේ අනාගතයේ දී තමන්ගේ ගායන හැකියාව වර්ධනය කරගැනීමත්, වෛද්‍යවරියක් වීමත්ය.

    ශ්‍රී ලාංකේය අභිමානය ජාත්‍යන්තරයට රැගෙන ගිය පුංචි කිල්මිෂාට අද දෙරණ අපිත් හදවතින්ම සුබ පැතුම් එක්කරන්නෙමු.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලොවම මවිතයට පත්කරමින් සිදුවු ආශ්චර්යමත් දරු උපත

    February 25, 2026

    හිතාගන්න බැරි තැනකට කොටුවුණු පියුමි! මට කා එක්කවත් තරගයක් නෑ! නිදහසේ හරියට කරන්න තමයි ආස!

    October 27, 2025

    නිරුවත් මළ සිරුරක් කුඹුරකින් හමුවෙයි

    August 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    March 8, 20260117 Views

    දිවයිනේ ප්‍රදේශ දෙකකදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. කුරුණෑගල,…

    මාරක අනතුරු කිහිපයක් – 5දෙනෙකුට දිවි අහිමි වෙයි

    March 8, 2026

    ඊශ්‍රායලයට බෝම්බ 20,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට ට්‍රප්ගේ අනුමැතිය

    March 8, 2026

    විස්සයි20 ලෝක කුසලානයේ අවසාන මහා තරගය අද

    March 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.