Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

    March 23, 2026

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය සේවක බඳවා ගැනීම් ගැන විශේෂ තීරණයක්
    Featured

    රාජ්‍ය සේවක බඳවා ගැනීම් ගැන විශේෂ තීරණයක්

    By LFNAugust 15, 2023No Comments2 Mins Read196 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලබන වසර සඳහා රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදුනොකරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

    එම නිසා ලබන වසර සඳහා ඇස්තමේන්තු පිළියෙල කිරීමේ දී ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව ලේකම්වරයා සඳහන් කළේය.

    මෙම වසරේ ජුනි මස 30 වන දිනට නිත්‍ය සේවක සංඛ්‍යාව පදනම් කරගනිමින් ලබන වසර සඳහා වැටුප්, වේතන සහ අනෙකුත් දීමනා ඇස්තමේන්තු සකස් කෙරෙන බව ද ඔහු සඳහන් කළේය.

    කෙසේවෙතත් රාජ්‍ය සේවයේ බඳවා ගැනිමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතීත්තයෙන් යුතුව පත් කළ නිලධාරී කමිටුවේ නිර්දේශ අනුව එළඹ ඇති අමාත්‍ය මණ්ඩල තීරණ පරිදි අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීම සඳහා ප්‍රතිපාදන බඳවා ගැනීමේ ප්‍රගතිය අනුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් සලසා ගත යුතු බව ද මහ භාණ්ඩාගාර ලේකම්වරයා 2024 අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම සඳහා මාර්ගෝපදේශ මාලාව නිකුත් කරමින් සඳහන් කර තිබේ.

    එමෙන්ම මෙම චක්‍රලේඛයට අනුව රේඛීය අමාත්‍යාංශය යටතේ පවතින පළාත් සභාවලට හෝ පළාත් සභා වෙත සෘජුව පවරා ඇති කාර්යයන් සඳහා දෙපාර්තමේන්තුවලට මුදල් ප්‍රතිපාදන වෙන්කර නොමැත.

    අදාළ චක්‍රලේඛයට අනූව රාජ්‍ය මූල්‍ය අභියෝග සහ ප්‍රමාණවත් ආදායම් කාර්යය සාධනය මධ්‍යයේ විවිධ හේතූන් මත රජය තවදුරටත් අරගල කරන බැවින් නැවත දැනුම්දෙන තුරු දැඩි වියදම් පාලන ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

    රජයේ අයවැයේ ප්‍රාථමික ශේෂය ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල ක්‍රමානුකූල දියුණුවක් නිරීක්ෂණය වුව ද මූල්‍ය සම්පත් හිඟය හේතුවෙන් අරමුදල් සඳහා බොහෝ ඉල්ලීම්වලට ඉඩ සැලසීමට මූල්‍ය අවකාශයක් නොමැතිව මුල්‍ය අංශය තවමත් බරපතළ හා සංකීර්ණ ගැටලුවලට මුහුණ දී ඇති බව ද ලේකම්වරයා සිය චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

    මෙම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් රාජ්‍ය සංස්ථා සභාපතිවරුන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

    March 23, 2026

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 202603 Views

    ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්‍රී ලංකාවේ…

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

    March 23, 2026

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026

    යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

    March 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.