Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 2025

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තියුණු ආයුධයකින් පහරදී එක්දරු පියාව ඝාතනය කෙරේ
    Featured

    තියුණු ආයුධයකින් පහරදී එක්දරු පියාව ඝාතනය කෙරේ

    By LFNAugust 14, 2023No Comments1 Min Read173 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තියුණු ආයුධයකින් කපාකොටා දොඩංගොඩ නිවසක් තුළදී අද (14) අලුයම එක්දරු පියෙකු ඝාතනය කර ඇති බව දොඩංගොඩ පොලීසිය පවසයි.

    මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, දොලේලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මාතර ආරච්ච්ගේ දිමුත් චාමික නමැති 37 හැවිරිදි එක්දරු පියෙකු බව පොලීසිය සඳහන් කළේය.

    මියගොස් ඇති තැනැත්තාගේ නිවස අලුත්වැඩියා කරන බැවින් සිය බිරිඳ සහ එකම දරුවා සමග බිරිඳගේ නිවසෙහි රැඳී සිටියදී ඝාතනයට ලක්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

    අලුයම 2 .30ට පමණ නිවසෙහි ඉදිරිපස සහ පසු දොරවල් කඩා ඇතුළුවූ ඝාතකයින් තියුණු ආයුධවලින් පහරදී ඇති බවට පොලීසියට අනාවරණය වී තිබේ.

    පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා පෞද්ගලික වාහනයකින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත්, රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

    සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.

    ඝාතනයට ලක්ව ඇති තැනැත්තා සහ සැකකරුවන් මතුගම ප්‍රදේශයේ ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සමග සමීපව සිට පසුව වසරක පමණ සිට අමනාපව ඇති බවත්, ඝාතනයට සැක පුද්ගලයෙකුගේ නිවසකට පසුගිය මාසයේ දිනක තවත් පිරිසක් සමග ගොස් ඝාතනය වූ පුද්ගලයා පහරදීමක් සිදුකර ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයිද උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.

    සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 2025

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 20250121 Views

    ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම…

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025

    උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

    December 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.