Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තියුණු ආයුධයකින් පහරදී එක්දරු පියාව ඝාතනය කෙරේ
    Featured

    තියුණු ආයුධයකින් පහරදී එක්දරු පියාව ඝාතනය කෙරේ

    By LFNAugust 14, 2023No Comments1 Min Read173 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තියුණු ආයුධයකින් කපාකොටා දොඩංගොඩ නිවසක් තුළදී අද (14) අලුයම එක්දරු පියෙකු ඝාතනය කර ඇති බව දොඩංගොඩ පොලීසිය පවසයි.

    මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, දොලේලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි මාතර ආරච්ච්ගේ දිමුත් චාමික නමැති 37 හැවිරිදි එක්දරු පියෙකු බව පොලීසිය සඳහන් කළේය.

    මියගොස් ඇති තැනැත්තාගේ නිවස අලුත්වැඩියා කරන බැවින් සිය බිරිඳ සහ එකම දරුවා සමග බිරිඳගේ නිවසෙහි රැඳී සිටියදී ඝාතනයට ලක්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

    අලුයම 2 .30ට පමණ නිවසෙහි ඉදිරිපස සහ පසු දොරවල් කඩා ඇතුළුවූ ඝාතකයින් තියුණු ආයුධවලින් පහරදී ඇති බවට පොලීසියට අනාවරණය වී තිබේ.

    පහරකෑමට ලක්ව බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා පෞද්ගලික වාහනයකින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත්, රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

    සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.

    ඝාතනයට ලක්ව ඇති තැනැත්තා සහ සැකකරුවන් මතුගම ප්‍රදේශයේ ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සමග සමීපව සිට පසුව වසරක පමණ සිට අමනාපව ඇති බවත්, ඝාතනයට සැක පුද්ගලයෙකුගේ නිවසකට පසුගිය මාසයේ දිනක තවත් පිරිසක් සමග ගොස් ඝාතනය වූ පුද්ගලයා පහරදීමක් සිදුකර ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයිද උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.

    සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026011 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.