Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 2025

    රු. ලක්ෂ 60ක මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 20, 2025

    ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

    December 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දරු ප්‍රසූතියක් අතරේ බිලිඳෙක්ව බිම වැටෙයි
    Featured

    දරු ප්‍රසූතියක් අතරේ බිලිඳෙක්ව බිම වැටෙයි

    By LFNAugust 14, 2023No Comments2 Mins Read204 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ දරු ප්‍රසූතියක් අතරතුර හෙදියන්ගේ නොසැලකිල්ලෙන් බිමට වැටීම නිසා තම බිලිඳා මිය ගිය බවට මව්පිය යුවළක් චෝදනා කරති.

    ඔවුන් පවසන්නේ පසුගිය 10 වනදා වූ මෙම සිද්ධියෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම බිලිඳා ඊයේ (13) උදෑසන මියගිය බවය.

    අනුරාධපුර රඔෑව කල්ලංචිය ප්‍රදේශයේ 35 හැවිරිදි ගැබිනි කාන්තාවක් දරු ප්‍රසූතිය සඳහා කල්ලංචිය රෝහලට පසුගිය අගොස්තු 10 වනදා ඇතුළත් කර තිබුණි.

    යම් අසීරු තත්ත්වයක පසුවීම නිසා එදිනම ඇයව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

    අනතුරුව ප්‍රසූතිකාගාරයට යොමු කර තිබූ ඇය එහිදී පිරිමි දරුවකු බිහි කළාය.

    එහෙත් ප්‍රසූතිය අවස්ථාවේ හෙදියන් නොසැලකිලිමත්ව කටයුතු කිරීම හේතුවෙන් සිය දරුවා බිම වැටුණු බවට ඇය සහ ඇයගේ සැමියා චෝදනා කරයි.

    මියගිය දරුවාගේ මව තක්ෂිලා උදයංගනී,

    “මගේ බබා ඉක්මන්ටම හම්බවුණා. ඒ වුණාට හම්බවුණාට පස්සේ බබාව බිමට වැටුණා. ළඟ හිටියට අල්ලගන්න කාටවත්ම බැරි වුණා. බබාව බිමට වැටුණට පස්සේ බබාව අරගෙන දිව්වා බේබි කාමරයට.”

    මියගිය දරුවාගේ පියා කුමාරසිංහ දිසානායක,

    “බබා හම්බවෙනකොට ඇද පල්ලෙහාට කරලා තියෙනවා. ඇද පල්ලේහාට කරනකොට බබා අල්ලගන්න කෙනෙක් ඉඳලා නෑ. බබා බිමට වැටිලා තියෙනවා. ඔළුව වැදිලා තියෙනවා බබාගේ. ඊට පස්සේ මිස් කෙනෙක් ඇවිත් බබාව උස්සන් දුවලා තියෙනවා. අම්මටවත් පෙන්නලා නෑ. බබා මෙයාලගේ අතින් වැටුණා කියලා ඒ වාට්ටු දෙකේ කට්ටියත් කියනවා.”

    දරුවාගේ මව්පියන් පවසන්නේ සිද්ධියෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට යොමු කළ සිය දරුවා අද උදෑසන මියගොස් ඇති බවයි.

    මියගිය දරුවාගේ මව තක්ෂිලා උදයංගනී,

    “බබාට අමාරුයි කියලා තමයි කියන්නේ. හදවත වැඩකරනවා අඩුයි කියලා තමයි කියන්නේ. එයාලා පිළිගත්තේ නෑ. බබා වර්ධනය වෙලා මදී කියලා තමයි කිව්වේ.”

    මියගිය දරුවාගේ පියා කුමාරසිංහ දිසානායක,

    “ගෙනියන්න දෙන්නේ නෑ කිව්වා. ඊට පස්සේ මම පාංශුකූලය දෙන්න ඉල්ලුවා. අනිත් කට්ටියගේ දරුවන්ට ඊයෙත් පාංශුකූල දෙකක් විතර කළා. මගේ දරුවගේ පාංශුකූලයවත් දෙන්න දෙන්නේ නැහැ. ඇයි මගෙත් එක්ක තරහා මෙහෙම? මම අසාධාරණයට කතාකළා. මට සාධාරණයක් කරන්න. මගේ දරුවාට සාධාරණයක් කරන්න.”

    අනුරාධපුර රෝහලෙන් ලැබුණු මවගේ රෝග විනිශ්චය තුණ්ඩුවේ සඳහන්ව තිබෙන්නේද දරු ප්‍රසූතිය වන අවස්ථාවේ බිලිඳා බිමට වැටී ඉන් බිලිඳාගේ හිසට බලපෑමක් සිදු වී ඇති බවය.

    උපතේදී බිලිඳා හැඬීමක් සිදුනොකළ බවද එහි තවදුරටත් සඳහන් වේ.

    කෙසේ වෙතත් මරණ සහතිකයේ දැක්වෙන්නේ හෘදයේ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් බිලිඳාගේ මරණය සිදුව ඇති බවය.

    ඒ අනුව ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ දරුවා බිම වැටුණු බවට මව්පියන් කරන චෝදනාව සම්බන්ධයෙන් විමසීමට රෝහල් අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගැනීමට “අද දෙරණ” අවස්ථා කිහිපයකම උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 2025

    රු. ලක්ෂ 60ක මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 20, 2025

    ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

    December 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 20250112 Views

    දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය…

    රු. ලක්ෂ 60ක මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 20, 2025

    ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

    December 20, 2025

    රන්වලගේ ලේ සහ මුත්‍රා සාම්පලවල ඇල්කොහොල් නොමැති බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වෙයි

    December 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.