Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දරු ප්‍රසූතියක් අතරේ බිලිඳෙක්ව බිම වැටෙයි
    Featured

    දරු ප්‍රසූතියක් අතරේ බිලිඳෙක්ව බිම වැටෙයි

    By LFNAugust 14, 2023No Comments2 Mins Read207 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර ශික්ෂණ රෝහලේ දරු ප්‍රසූතියක් අතරතුර හෙදියන්ගේ නොසැලකිල්ලෙන් බිමට වැටීම නිසා තම බිලිඳා මිය ගිය බවට මව්පිය යුවළක් චෝදනා කරති.

    ඔවුන් පවසන්නේ පසුගිය 10 වනදා වූ මෙම සිද්ධියෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම බිලිඳා ඊයේ (13) උදෑසන මියගිය බවය.

    අනුරාධපුර රඔෑව කල්ලංචිය ප්‍රදේශයේ 35 හැවිරිදි ගැබිනි කාන්තාවක් දරු ප්‍රසූතිය සඳහා කල්ලංචිය රෝහලට පසුගිය අගොස්තු 10 වනදා ඇතුළත් කර තිබුණි.

    යම් අසීරු තත්ත්වයක පසුවීම නිසා එදිනම ඇයව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

    අනතුරුව ප්‍රසූතිකාගාරයට යොමු කර තිබූ ඇය එහිදී පිරිමි දරුවකු බිහි කළාය.

    එහෙත් ප්‍රසූතිය අවස්ථාවේ හෙදියන් නොසැලකිලිමත්ව කටයුතු කිරීම හේතුවෙන් සිය දරුවා බිම වැටුණු බවට ඇය සහ ඇයගේ සැමියා චෝදනා කරයි.

    මියගිය දරුවාගේ මව තක්ෂිලා උදයංගනී,

    “මගේ බබා ඉක්මන්ටම හම්බවුණා. ඒ වුණාට හම්බවුණාට පස්සේ බබාව බිමට වැටුණා. ළඟ හිටියට අල්ලගන්න කාටවත්ම බැරි වුණා. බබාව බිමට වැටුණට පස්සේ බබාව අරගෙන දිව්වා බේබි කාමරයට.”

    මියගිය දරුවාගේ පියා කුමාරසිංහ දිසානායක,

    “බබා හම්බවෙනකොට ඇද පල්ලෙහාට කරලා තියෙනවා. ඇද පල්ලේහාට කරනකොට බබා අල්ලගන්න කෙනෙක් ඉඳලා නෑ. බබා බිමට වැටිලා තියෙනවා. ඔළුව වැදිලා තියෙනවා බබාගේ. ඊට පස්සේ මිස් කෙනෙක් ඇවිත් බබාව උස්සන් දුවලා තියෙනවා. අම්මටවත් පෙන්නලා නෑ. බබා මෙයාලගේ අතින් වැටුණා කියලා ඒ වාට්ටු දෙකේ කට්ටියත් කියනවා.”

    දරුවාගේ මව්පියන් පවසන්නේ සිද්ධියෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට යොමු කළ සිය දරුවා අද උදෑසන මියගොස් ඇති බවයි.

    මියගිය දරුවාගේ මව තක්ෂිලා උදයංගනී,

    “බබාට අමාරුයි කියලා තමයි කියන්නේ. හදවත වැඩකරනවා අඩුයි කියලා තමයි කියන්නේ. එයාලා පිළිගත්තේ නෑ. බබා වර්ධනය වෙලා මදී කියලා තමයි කිව්වේ.”

    මියගිය දරුවාගේ පියා කුමාරසිංහ දිසානායක,

    “ගෙනියන්න දෙන්නේ නෑ කිව්වා. ඊට පස්සේ මම පාංශුකූලය දෙන්න ඉල්ලුවා. අනිත් කට්ටියගේ දරුවන්ට ඊයෙත් පාංශුකූල දෙකක් විතර කළා. මගේ දරුවගේ පාංශුකූලයවත් දෙන්න දෙන්නේ නැහැ. ඇයි මගෙත් එක්ක තරහා මෙහෙම? මම අසාධාරණයට කතාකළා. මට සාධාරණයක් කරන්න. මගේ දරුවාට සාධාරණයක් කරන්න.”

    අනුරාධපුර රෝහලෙන් ලැබුණු මවගේ රෝග විනිශ්චය තුණ්ඩුවේ සඳහන්ව තිබෙන්නේද දරු ප්‍රසූතිය වන අවස්ථාවේ බිලිඳා බිමට වැටී ඉන් බිලිඳාගේ හිසට බලපෑමක් සිදු වී ඇති බවය.

    උපතේදී බිලිඳා හැඬීමක් සිදුනොකළ බවද එහි තවදුරටත් සඳහන් වේ.

    කෙසේ වෙතත් මරණ සහතිකයේ දැක්වෙන්නේ හෘදයේ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් බිලිඳාගේ මරණය සිදුව ඇති බවය.

    ඒ අනුව ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ දරුවා බිම වැටුණු බවට මව්පියන් කරන චෝදනාව සම්බන්ධයෙන් විමසීමට රෝහල් අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගැනීමට “අද දෙරණ” අවස්ථා කිහිපයකම උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026011 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.