Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

    March 23, 2026

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංකාවට එන චීන පර්යේෂණ නැවක් ගැන ඉන්දියාව කනස්සල්ලෙන්
    Featured

    ලංකාවට එන චීන පර්යේෂණ නැවක් ගැන ඉන්දියාව කනස්සල්ලෙන්

    By LFNAugust 14, 2023No Comments2 Mins Read179 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීන පර්යේෂණ නෞකාවක් ලබන ඔක්තෝබර් මාසයේ දී කොළඹ හා හම්බන්තොට වරායන්හි නැංගුරම් ලා තැබීමට ඇති සූදානම සම්බන්ධයෙන් ඉන්දියාව කනස්සල්ල පළ කර තිබේ.

    ‘ෂී යෑන් සික්ස්‘ නම් චීන පර්යේෂණ නෞකාව ලබන ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර එම නෞකාව නොවැම්බර් මාසය දක්වා කොළඹ හා හම්බන්තොට වරායන්හි නැංගුරම් ලා තැබීමට නියමිත බව හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

    කෙසේවෙතත් එම නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මෙතෙක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් අනුමැතියක් ලබා දී නොමැති බව ද එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

    ටොන් 3,999ක බරකින් යුතු ‘ෂී යෑන් සික්ස්‘ නෞකාව චීනයේ ගුවැන්ෂු ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කර ඇති අතර එය මේ වන විට දකුණු චීන මුහුදේ දකුණු දෙසට ගමන් කරමින් පවතින බව වාර්තා වේ.

    ශ්‍රී ලංකා ජාතික ජලජ සම්පත් සංවර්ධන හා නියෝජිතයාතනය හෙවත් නාරා ආයතනයට අනුබද්ධ පර්යේෂකයින් විසින් මෙම චීන නෞකාවෙන් විද්‍යාත්මක ගවේෂණයක් ආරම්භ කිරීමට සූදානම් බවත් දකුණු ඉන්දියානු සාගර කලාපය ඇතුළත් පුළුල් සමීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවත් හින්දුස්තාන් ටයිම්ස් වාර්තාව පෙන්වාදී තිබේ.

    කෙසේවෙතත් සමුද්‍ර ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරමින්, චීන පර්යේෂණ නෞකාවේ පැමිණීම පිළිබඳව ඉන්දීය රජය කනස්සල්ල පළ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව ද හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවිය සඳහන් කර ඇත.

    කෙසේ වෙතත් චීනයට අයත් යුද නෞකාවක් පසුගිය 10 වනදා ද මෙරටට පැමිණ තිබූ අතර එය (12) දිනයේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.

    2022 වසරේ අගෝස්තු මාසයේ දී චීනයට අයත් ‘යුවාන් වෑන්ග් ෆයිව්‘ නෞකාව හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබූ අවස්ථවේ දී ද ඉන්දියාවේ විරෝධය පළ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 2026

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

    March 23, 2026

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් – මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    March 23, 202604 Views

    ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්‍රී ලංකාවේ…

    කුඹුරේ පිදුරු ගිනි තියන්න ගිය පුද්ගලයා ගින්නට හසුවී මරුට

    March 23, 2026

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026

    යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

    March 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.