Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 2025

    රු. ලක්ෂ 60ක මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 20, 2025

    ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

    December 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දියණියව ලිංගික කටයුතුවලට විකිණූ මව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි
    Featured

    දියණියව ලිංගික කටයුතුවලට විකිණූ මව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි

    By LFNAugust 12, 2023No Comments2 Mins Read196 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවුරුදු දාහතරක් වයසැති බාල වයස්කාර තම දියණියව ලිංගික අපයෝජනය සදහා මුදලට විකිණූ කාන්තාව, එළැඹෙන 22 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා ඊයේ (11) නියම කර තිබේ.

    එසේම, දැරිය ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරුවන් දෙදෙනෙකු ද එළැඹෙන 22 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර භාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.

    දිවුලපිටිය, වෙලගාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සිව් දරු මවක් මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.

    ඇනෙක් සැකකරුවන් දෙදෙනා දිවුලපිටිය, උල්ලලපොළ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයකු හා මිනුවන්ගොඩ, නිල්පනාගොඩ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු බව වාර්තා වෙයි.

    මේ අතර, සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා මීගමු මහ රෝහලේ සමාජ රෝග සම්බන්ධ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර සමාජ රෝග සම්බන්ධ වාර්තාවක් සමඟ එළැඹෙන 22 වනදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් මීගමු බන්ධනාගාර අධිකාරි වෙත නියම කර ඇත.

    එසේම වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහල්ගත කර සිටින වින්දිත දැරිය පරිවාස වාර්තාව ලැබෙන තුරු මීගමුව ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයට ඇතුළත් කරන ලෙසට අධිකරණයෙන් දිවුලපිටිය පොලීසියට නියම කර තිබේ.

    දැරියගේ පියා මියගොස් ඇති බවත් සිව් දරු මවක වන සැකකාරිය පුද්ගලයන් නිවසට ගෙන්වාගෙන එක් පුද්ගලයකුගෙන් රුපියල් 2000 බැගින් මුදල් ලබාගෙන දියණියව නිවස තුළම ලිංගික අපයෝජනය සඳහා යොමු කර ඇති බවත් පොලිස් පරීක්ෂණ හරහා තහවුරු වී ඇත.

    නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවන්හි දී පුද්ගලයන්ව නිවසට ගෙන්වා ගන්නා සැකකාරිය, පැමිණෙන පුද්ගලයාව සහ දියණියව නිවස තුළට දමා, දොරවල් වසා, මුරකාවලේ යොදා ඇති බවට ද පොලිස් පරීක්ෂණ අනාවරණය කරගෙන තිබේ.

    සැකකරුවන් 22 වනදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලීසියට නියෝග කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 2025

    රු. ලක්ෂ 60ක මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 20, 2025

    ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

    December 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 20250112 Views

    දෙහිඅත්තකණ්ඩිය, උත්තලපුර ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය…

    රු. ලක්ෂ 60ක මත්කුඩු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    December 20, 2025

    ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

    December 20, 2025

    රන්වලගේ ලේ සහ මුත්‍රා සාම්පලවල ඇල්කොහොල් නොමැති බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වෙයි

    December 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.