Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දියණියව ලිංගික කටයුතුවලට විකිණූ මව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි
    Featured

    දියණියව ලිංගික කටයුතුවලට විකිණූ මව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙයි

    By LFNAugust 12, 2023No Comments2 Mins Read196 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවුරුදු දාහතරක් වයසැති බාල වයස්කාර තම දියණියව ලිංගික අපයෝජනය සදහා මුදලට විකිණූ කාන්තාව, එළැඹෙන 22 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා ඊයේ (11) නියම කර තිබේ.

    එසේම, දැරිය ලිංගික අපයෝජනයට ලක් කළ සැකකරුවන් දෙදෙනෙකු ද එළැඹෙන 22 දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර භාරයේ තැබීමට අධිකරණය නියෝග කර ඇත.

    දිවුලපිටිය, වෙලගාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සිව් දරු මවක් මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි.

    ඇනෙක් සැකකරුවන් දෙදෙනා දිවුලපිටිය, උල්ලලපොළ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයකු හා මිනුවන්ගොඩ, නිල්පනාගොඩ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු බව වාර්තා වෙයි.

    මේ අතර, සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා මීගමු මහ රෝහලේ සමාජ රෝග සම්බන්ධ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර සමාජ රෝග සම්බන්ධ වාර්තාවක් සමඟ එළැඹෙන 22 වනදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් මීගමු බන්ධනාගාර අධිකාරි වෙත නියම කර ඇත.

    එසේම වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහල්ගත කර සිටින වින්දිත දැරිය පරිවාස වාර්තාව ලැබෙන තුරු මීගමුව ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයට ඇතුළත් කරන ලෙසට අධිකරණයෙන් දිවුලපිටිය පොලීසියට නියම කර තිබේ.

    දැරියගේ පියා මියගොස් ඇති බවත් සිව් දරු මවක වන සැකකාරිය පුද්ගලයන් නිවසට ගෙන්වාගෙන එක් පුද්ගලයකුගෙන් රුපියල් 2000 බැගින් මුදල් ලබාගෙන දියණියව නිවස තුළම ලිංගික අපයෝජනය සඳහා යොමු කර ඇති බවත් පොලිස් පරීක්ෂණ හරහා තහවුරු වී ඇත.

    නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවන්හි දී පුද්ගලයන්ව නිවසට ගෙන්වා ගන්නා සැකකාරිය, පැමිණෙන පුද්ගලයාව සහ දියණියව නිවස තුළට දමා, දොරවල් වසා, මුරකාවලේ යොදා ඇති බවට ද පොලිස් පරීක්ෂණ අනාවරණය කරගෙන තිබේ.

    සැකකරුවන් 22 වනදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලීසියට නියෝග කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 202603 Views

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ…

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.