Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වහාම ක්‍රියාත්මක වන පරිදි හරීන්ට එජාපයේ ප්‍රධාන තනතුරක්

    October 21, 2025

    මෙරට රන් මිල රු 5,000කින් පහළට

    October 21, 2025

    ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම ඉහළට – අවධානයෙන් ඉන්න

    October 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»13 ගැන ටිරාන් හා දෙමළ සන්ධානය අතර සාකච්ඡාවක්
    Political

    13 ගැන ටිරාන් හා දෙමළ සන්ධානය අතර සාකච්ඡාවක්

    By LFNAugust 11, 2023Updated:August 11, 2023No Comments1 Min Read182 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

    මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවේ දී විශේෂයෙන් පොලිස් බලතල සම්බන්ධයෙන් අවධානය යොමුවූ බව වාර්තා වෙයි.

    මෑත කාලයේ එංගලන්තය සහ ඉන්දියාව වැනි දියුණු රටවල්වල පවා බලය බෙදීම ඉතා විශිෂ්ට අයුරින් සිදුවූ බව එහි දී පෙන්වා දුන් දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්, එම ක්‍රමවේදයන් මෙරට තුළ ද ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බව සඳහන් කර ඇත.

    කෙසේවෙතත් එංගලන්තයේ හා ශ්‍රී ලංකාවේ දේශපාලන සමාජීය සංස්කෘතීන් සම්පූර්ණයෙන්ම වෙනස් බව එහි දී ටිරාන් අලස් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

    මේ වන විට උතුරු ප්‍රදේශය පුරාවට මත්ද්‍රව්‍ය සහ අපරාධ සිදුවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවට දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, එවැනි කරුණු සම්බන්ධයෙන් පවතින තොරතුරු ඕනෑම අවස්ථාවක ඒ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂ පොලිස් කමිටුවට ලබා දෙන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වතු කම්කරු වැටුප් වැඩිකිරීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    October 14, 2025

    මහින්ද මෛත්‍රී වෙඩි නොවදින වාහන ඉල්ලති

    October 12, 2025

    අගමැති හරිනි චීනය බලා පිටත්ව යයි

    October 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,377 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    වහාම ක්‍රියාත්මක වන පරිදි හරීන්ට එජාපයේ ප්‍රධාන තනතුරක්

    October 21, 202504 Views

    වහාම ක්‍රියාත්මක වන පරිදි නව ප්‍රධාන තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.…

    මෙරට රන් මිල රු 5,000කින් පහළට

    October 21, 2025

    ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම ඉහළට – අවධානයෙන් ඉන්න

    October 21, 2025

    ටොනේඩෝවකින් ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයකට හානී

    October 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.