Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට වෙනුවෙන් අපිත් සූදානම්
    Featured

    රට වෙනුවෙන් අපිත් සූදානම්

    By LFNAugust 10, 2023No Comments2 Mins Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා හා අදහස් පරීක්ෂාකර බලා රට වෙනුවෙන් සද්භාවයෙන් කටයුතු කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පැවසීය.

    දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ කවුරුන් වෙනුවෙන් දැයි මෙහිදී ප්‍රශ්න කළ විපක්ෂනායකවරයා මුලින්ම පළාත් සභා පළාත් පාලන ඡන්ද පවත්වා ජනවරමක් සමග මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීම වැදගත් බවද ප්‍රකාශ කළේය.

    විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් ඉදිරිපත් කරමිනි.

    සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.

    ඔබතුමා මේ රටේ ජනවරමට ඉඩක් දෙන්න. ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬක් නැගුවා. විපක්ෂයේ ඉඳිද්දි නැඟූ හඬ දැන් වෙනස් වෙන්න බැහැ. ප්‍රතිපත්තිගරුක වෙන්න. මැතිවරණයකට ඉඩක් දෙන්න. ජනපීඩක ක්‍රියාදාමයෙන් වලකින්න. රාජ්‍ය භීෂණයෙන් රාජ්‍ය මර්දනයෙන් වැළකෙන්න කියලා මම ඉල්ලනවා.

    විපක්ෂය හැම වෙලාම විපක්ෂ වෙන්නේ නැහැ. සාධනීය දේවල්වලදි අපි පක්ෂපාති වුණා. ඔබතුමා ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව අප ප්‍රගතිශීලී ව හිතනවා. අර තවාන් ටික මැරෙන්න දෙන්න එපා. මැතිවරණයක් නොමැති වීම තුළ. වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න. ඒ ජනවරමත් එක්ක මේ සංශෝධන ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන්.

    ඔබතුමා යම් යෝජනා අදහස් කෙටුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කරල තියනව. ඔබතුමාගේ යෝජනා පරීක්ෂාකර බලලා සද්භාවයෙන් කටයුතු කරන්න සූදානම්. 13 සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ කවුරු සඳහාද. අද පළාත් සභා එකකටවත් මහජන නියෝජිතයන් නැහැ. අද තවාන් මැරිල. ඡන්ද එකක්වත් නැහැ. අද ඡන්ද භීතිකාවක් තියෙනවා. ජනවරමට ඉඩක් දෙන්න. පළාත් සභා පළාත් පාලන සියල්ල අද තියෙන්නෙ විධායකය යටතේ. ඔබතුමා පත්වුණේ 134 ක පාර්ලිමේන්තු වරමින්. ජනවරමට ඉඩක් දෙන්න ඔබතුමාට පැහැදිලි වගකීමක් තියෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.