Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රට වෙනුවෙන් අපිත් සූදානම්
    Featured

    රට වෙනුවෙන් අපිත් සූදානම්

    By LFNAugust 10, 2023No Comments2 Mins Read168 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා හා අදහස් පරීක්ෂාකර බලා රට වෙනුවෙන් සද්භාවයෙන් කටයුතු කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පැවසීය.

    දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ කවුරුන් වෙනුවෙන් දැයි මෙහිදී ප්‍රශ්න කළ විපක්ෂනායකවරයා මුලින්ම පළාත් සභා පළාත් පාලන ඡන්ද පවත්වා ජනවරමක් සමග මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීම වැදගත් බවද ප්‍රකාශ කළේය.

    විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් ඉදිරිපත් කරමිනි.

    සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.

    ඔබතුමා මේ රටේ ජනවරමට ඉඩක් දෙන්න. ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬක් නැගුවා. විපක්ෂයේ ඉඳිද්දි නැඟූ හඬ දැන් වෙනස් වෙන්න බැහැ. ප්‍රතිපත්තිගරුක වෙන්න. මැතිවරණයකට ඉඩක් දෙන්න. ජනපීඩක ක්‍රියාදාමයෙන් වලකින්න. රාජ්‍ය භීෂණයෙන් රාජ්‍ය මර්දනයෙන් වැළකෙන්න කියලා මම ඉල්ලනවා.

    විපක්ෂය හැම වෙලාම විපක්ෂ වෙන්නේ නැහැ. සාධනීය දේවල්වලදි අපි පක්ෂපාති වුණා. ඔබතුමා ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව අප ප්‍රගතිශීලී ව හිතනවා. අර තවාන් ටික මැරෙන්න දෙන්න එපා. මැතිවරණයක් නොමැති වීම තුළ. වහාම පළාත් සභා මැතිවරණය පවත්වන්න. ඒ ජනවරමත් එක්ක මේ සංශෝධන ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන්.

    ඔබතුමා යම් යෝජනා අදහස් කෙටුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කරල තියනව. ඔබතුමාගේ යෝජනා පරීක්ෂාකර බලලා සද්භාවයෙන් කටයුතු කරන්න සූදානම්. 13 සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ කවුරු සඳහාද. අද පළාත් සභා එකකටවත් මහජන නියෝජිතයන් නැහැ. අද තවාන් මැරිල. ඡන්ද එකක්වත් නැහැ. අද ඡන්ද භීතිකාවක් තියෙනවා. ජනවරමට ඉඩක් දෙන්න. පළාත් සභා පළාත් පාලන සියල්ල අද තියෙන්නෙ විධායකය යටතේ. ඔබතුමා පත්වුණේ 134 ක පාර්ලිමේන්තු වරමින්. ජනවරමට ඉඩක් දෙන්න ඔබතුමාට පැහැදිලි වගකීමක් තියෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 20250116 Views

    සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන…

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.