Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් ගණන ඉහළට
    Featured

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයන් ගණන ඉහළට

    By LFNAugust 10, 2023No Comments1 Min Read181 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 93,000 ඉක්මවා ගොස් ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    මේ වන විට වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 05ක පවුල් 28,945කට අයත් පුද්ගලයන් 93,164 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

    මීට පෙර සබරගමුව, නැගෙනහිර, වයඹ සහ උතුරු පළාත්වලින් පමණක් පුද්ගලයන් වාර්තා වී තිබුණ ද මේ වන විට ඌව පළාතෙන් ද පීඩාවට ලක්වූ පුද්ගලයන් වාර්තා වෙයි.

    මාධ්‍ය හමුවකට එක්වූ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, මෙම වසරේ ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල වර්ෂාපතනය ඉහළ යාමක් පෙන්නුම් කළ හැකි බවයි.

    මේ අතර, මෙම මාධ්‍ය හමුවට එක්වූ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ, පවතින වියළි කාලගුණ තත්ත්වය දේශපාලන සටන් පාඨ ලෙස යොදා නොගන්නා ලෙස තමන් සියලු පාර්ශ්ව වෙතින් ඉල්ලීමක් සිදු කරන බවය.

    කෙසේ වෙතත් මේ වන විට ජලය නොමැතිකම හේතුවෙන් වලව කළාපයේ ගොවීන්ගේ වගාවන්ට සිදුවූ හානි වෙනුවෙන් වන්දි ලබා දීමට පියවර ගත යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

    වගා කටයුතු සඳහා ජලය ලබා නොදීමට එරෙහිව ඔවුන් පසුගියදා මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ අතර, ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු ඊයේ සිදුකෙරිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 202603 Views

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ…

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.