Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බම්බලපිටියේ වෙඩිතැබීම ගැන අධිකරණයේදී හෙළිදරව්වක්
    Featured

    බම්බලපිටියේ වෙඩිතැබීම ගැන අධිකරණයේදී හෙළිදරව්වක්

    By LFNAugust 9, 2023No Comments4 Mins Read160 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බම්බලපිටිය පොලිස් වසම තුළ සිදුවූ සැකකටයුතු වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරින් 04 දෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (08) නියම කළේය.

    අත්අඩංගුවට ගත් මෙම සැකකාර නිලධාරීන් සිව්දෙනා බම්බලපිටිය පොලීසිය විසින් අද දහවල් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවට ඉදිරිපත් කර තිබුණි.

    එහිදී ඉදිරිපත්වූ කරුණු සලකාබැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එක් එක් සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.

    අනතුරුව සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් නියෝග කර තිබුණි.

    පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී බම්බලපිටිය පොලීසියේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් බම්බලපිටිය මුහුදු මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හළක් අසල සිදුවූ සැකකටයුතු වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් 04 දෙනා අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය.

    සීසීටීවී දර්ශන ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදු කළ බව කී පොලීසිය, එම දර්ශන ඔස්සේ වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය කරගත් බවද පැවසීය.

    ඉන් අනතුරුව වෙඩිවැදීමට ලක්වූ වාහනය වැල්ලවත්ත රෝහිනී මාර්ගයේ තිබී සොයා ගත් බවත් මෙම වෙඩිතැබීම හේතුවෙන් වාහනයේ ගමන් ගත් පුද්ගලයින්ට තුවාල සිදු වූයේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් සඳහන් කර තිබුණි.

    මෙහිදී පොලිස් නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කළ මහෙස්ත්‍රාත්වරයා, සුරාබදු නිලධාරීන් වැටලීමක් සිදුකිරීමට පෙර පොලීසිය දැනුවත් කළ යුතු බවට නීතිමය තත්ත්වයක් තිබේදැයි විමසා සිටියේය.

    ඊට පිළිතුරු දෙමින් බම්බලපිටිය පොලීසියේ නිලධාරීන් සඳහන් කළේ එවැනි නීතිමය තත්ත්වයක් නොමැති බවය.

    විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අශෝක වීරසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සැකකරුවන් රාජකාරිමය ක්‍රියාවක් සිදු කරමින් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් එය නීතියට පටහැනි ක්‍රියාවක් බවත් පැවසීය.

    බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයක සිටි සැකකරුවන් දෙදෙනෙකු මත්කුඩු ග්‍රෑම් 150ක් සමග අත්අඩංගුවට ගත් බවත් ඊට අදාළ ඉදිරි විමර්ශන සඳහා යෑමේදී මෙම සිද්ධිය හටගත් බවත් විත්තියේ නීතිඥවරයා කියා සිටියේය.

    මෙහිදී මහෙස්ත්‍රාත්වරයා පොලීසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සිද්ධිය රාජකාරියක් කිරීමට යාමේදී ඇතිවූ ක්‍රියාවක් බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ දැයි විමසීය.

    ඊට පිළිතුරු දුන් පොලීසිය මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබුණත් එම වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව කියා සිටියේය.

    මෙහිදී පොලීසිය ඇමතූ මහෙස්ත්‍රාත්වරයා, “වාර්තාවක් කැඳවන්න අවශ්‍ය නැහැ. එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කැඳවා ප්‍රකාශයක් ගත්ත නං ප්‍රශ්නේ ඉවරයි..” යනුවෙන් සඳහන් කළේය.

    යළිත් පොලීසිය වෙත ප්‍රශ්නයක් යොමු කළ මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ වෙඩිතැබීම සිදුවී කොපමණ වේලාවකින් දැයි විමසීය.

    ඊට පිළිතුරු දුන් පොලීසිය, සිද්ධිය සිදුවී පැය එකහමාරක පමණ කාලයකින් පසුව මොවුන් අත්අඩංගුවට ගත් බව කියා සිටියේය.

    බම්බලපිටියේ සිට වැල්ලවත්තට යාමට පැය එකහමාරක් පමණ වෙනවා දැයි මෙහිදී මහෙස්ත්‍රාත්වරයා පොලීසිය වෙතින් ප්‍රශ්න කළේය.

    ඊට පිළිතුරු දුන් පොලීසිය මෙම සිද්ධියෙන් පසුව අදාළ සැකකරුවන් බම්බලපිටිය පොලිස් වසම තුළ සැරිසරමින් සිටි බවත් මාර්ග බාධක යොදා ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදුවූ බවත් පැවසීය.

    එහිදී පොලීසිය ඇමතූ මහෙස්ත්‍රාත්වරයා, මේ සැකකරුවන් නීතිවිරෝධී ක්‍රියාවක් හෝ පුද්ගලික ක්‍රියාවක නිරත වුණා නම් පැය එකහමාරක් පමණ පොලිස් වසම තුළ සැරිසරමින් සිටීමට හැකියාවක් තිබේ දැයි ප්‍රශ්න කළේය.

    මහෙස්ත්‍රාත්වරයා නැඟූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දුන් පොලීසිය කියාසිටියේ මෙම වෙඩිතැබීමේ සිද්ධියෙන් වාහනයේ ගමන් ගත් පුද්ගලයින්ට තුවාල සිදු වූයේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවය.

    සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සාධාරණ හේතු අනාවරණය නොවන හෙයින් ඔවුන් ඇප මත මුදාහරින බව මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    පැමිණිල්ල නැවත අගෝස්තු මස 28 වනදා කැඳවීමට ද නියම කෙරුණි.

    කෙසේවෙතත්, සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සිය නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරමක වැටලීමක් සිදුකරන අතරතුර මෙම වෙඩි තැබීම සිදුකළ බවය.

    එම දෙපාර්තමේන්තුව පවසන පරිදි, අලුත්ගම දර්ගා නගරයේ පුද්ගලයෙකු විසින් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක ඒකකය ඊයේ පස්වරුවේ මෙහෙයුමක් දියත් කර තිබේ.

    ඒ අනුව උපායදූතයෙකු මාර්ගයෙන් පළමුව කොළඹ පිහිටි හෝටලයකදී හෙරොයින් ග්‍රෑම් 150ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයක් ද සමගිනි.

    අනතුරුව ඔහු සමග පැමිණි තවත් දෙදෙනෙකු බම්බලපිටිය මුහුදු මාවතේ ඉන්ධන පිරවුම්හලක් අසල මෝටර් රථයක සිටින බවට අනාවරණයවීමත් සමග ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් සිව්දෙනෙකු මෙම සුදු පැහැති වෑන් රථයෙන් ගොස් තිබේ.

    එම අවස්ථාවේදී ඇතිවූ සැකය මත අදාළ මෝටර් රථයේ සිටි සැකකරුවන් දෙදෙනා එම ස්ථානයෙන් පළායෑමට උත්සහා කරන්නේ සුරාබදු නිලධාරීන් පැමිණි වෑන් රථයද අනතුරට ලක්කරමිනි.

    එහිදී සුරාබදු නිලධාරියෙකු අදාළ ජීප් රථයෙහි රෝද වෙත වෙඩි ප්‍රහාර 5ක් පමණ එල්ල කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.