වාද්දුව විද්‍යාල මාර්ගයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් තරුණයකු මියගොස් තිබේ.
අද (07) පස්වරුවේ එම අනතුර සිදුව ඇති බව වාද්දුව පොලීසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි වියේ පසුවූ තරුණයකි.
එම තරුණයා වාද්දුව මධ්‍ය විද්‍යාල ප්‍රදේශයේ සිට වාද්දුව දෙසට යතුරුපැදිය වේගයෙන් ධාවනය කර ඇත.
එහිදී ප්‍රති විරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදික තරුණයා ගමන්කළ යතුරුපැදිය මුහුණට මුහුණ ගැටී මීටර් 25ක් පමණ දුරකට ඇදී ගොස් තාප්පයක ගැටී ඇති බව පොලීසිය පවසයි.
අනතුරෙන් බරපතළ තුවාල ලබා සිටි තරුණයා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
අනෙක් යතුරුපැදියේ ගමන්කළ යුවලද තුවාල ලබා රෝහල් ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.