Close Menu
Lanka Focus News
    What's Hot

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇල්ලේ සිරි නරඹන්න දුම්රියෙන් ගිය චීන කතට අකරතැබ්බයක්
    Featured

    ඇල්ලේ සිරි නරඹන්න දුම්රියෙන් ගිය චීන කතට අකරතැබ්බයක්

    By LFNAugust 7, 2023Updated:August 8, 2023No Comments2 Mins Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ සිට දුරකථනයෙන් පරිසරය වීඩියෝ ගත කරමින් ගමන් ගත් චීන ජාතික කාන්තාවක් අකරතැබ්බයකට මුහුණ දී තිබේ.

    ඒ ඇයගේ දුරකථනය මංකොල්ලකෑමට දුම්රිය මාර්ගයේ රැක සිටි තරුණයින් තිදෙනෙකු විසින් පොල්ලකින් පහරදීම හේතුවෙනි.

    පහරදීම සිදුකරන අයුරු චීන ජාතික කාන්තාවගේ දුරකථනයේ සටහන්ව තිබූ අතර ඇයගේ අතට ද තුවාල සිදුව තිබුණි.

    ලියු කුයින් නැමති චීන ජාතික කාන්තාව ඇයගේ සැමියා සහ දියණිය සමග සංචාරයක් සඳහා ලංකාවට පැමිණ, මාර්ග උපදේශකයෙකු සමග ඇල්ල දුම්රිය ස්ථානය වෙත යමින් සිටිය දී මෙම කරදරයට මුහුණ දී තිබුණි.

    ජනේලයෙන් පිටත ජංගම දුරකථනයෙන් පටිගත කරමින් සිටි ඇයට නාවලපිටිය, ඉඟුරුඔය දුම්රිය ස්ථානයට ළඟාවෙන අවස්ථාවේ දී අදාළ පහරදීම සිදුව ඇත.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසියට කළ පැමිණිල්ල අනුව වහාම සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් අයෙක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.

    අත්අඩංගුවට පත් සැකකරුවන් ඉඟුරුඔය ප්‍රදේශයේම පදිංචි අවුරුදු 22ක් හා 24ක් වන තරුණයින් දෙදෙනෙක් වන අතර, ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවත් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප මත මුදාහැර සිටින පිරිසක් වන බවත් පොලීසිය පැවසීය.

    සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව චීන ජාතික කාන්තාව පොලීසිය වෙත වට්ස්ඇප් පණිවුඩයක් යොමුකර ඇති අතර එහි මෙලෙස ද සටහන්ව තිබුණි.

    “මම සහ මගේ පවුලේ අය ලංකාවට ඉතා කැමතියි. මේ රට සහ මිනිසුන්, සෑම සිනහමුසු මුහුණක්ම, සෑම සුළඟක්ම අපව ස්පර්ශ කරයි. ඉඳහිට සිදුවන මෙවැනි නරක සිදුවීමක් නිසා ශ්‍රී ලංකාව පිළිබඳ මගේ හිතේ පවතින යහපත් හැඟීමට බලපෑමක් ඇති වීමට මම ඉඩ තබන්නේ නැත…

    චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සදාකල් පවතිනු ඇත.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 202603 Views

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි…

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.