Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඇල්ලේ සිරි නරඹන්න දුම්රියෙන් ගිය චීන කතට අකරතැබ්බයක්
    Featured

    ඇල්ලේ සිරි නරඹන්න දුම්රියෙන් ගිය චීන කතට අකරතැබ්බයක්

    By LFNAugust 7, 2023Updated:August 8, 2023No Comments2 Mins Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ සිට දුරකථනයෙන් පරිසරය වීඩියෝ ගත කරමින් ගමන් ගත් චීන ජාතික කාන්තාවක් අකරතැබ්බයකට මුහුණ දී තිබේ.

    ඒ ඇයගේ දුරකථනය මංකොල්ලකෑමට දුම්රිය මාර්ගයේ රැක සිටි තරුණයින් තිදෙනෙකු විසින් පොල්ලකින් පහරදීම හේතුවෙනි.

    පහරදීම සිදුකරන අයුරු චීන ජාතික කාන්තාවගේ දුරකථනයේ සටහන්ව තිබූ අතර ඇයගේ අතට ද තුවාල සිදුව තිබුණි.

    ලියු කුයින් නැමති චීන ජාතික කාන්තාව ඇයගේ සැමියා සහ දියණිය සමග සංචාරයක් සඳහා ලංකාවට පැමිණ, මාර්ග උපදේශකයෙකු සමග ඇල්ල දුම්රිය ස්ථානය වෙත යමින් සිටිය දී මෙම කරදරයට මුහුණ දී තිබුණි.

    ජනේලයෙන් පිටත ජංගම දුරකථනයෙන් පටිගත කරමින් සිටි ඇයට නාවලපිටිය, ඉඟුරුඔය දුම්රිය ස්ථානයට ළඟාවෙන අවස්ථාවේ දී අදාළ පහරදීම සිදුව ඇත.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසියට කළ පැමිණිල්ල අනුව වහාම සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් අයෙක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.

    අත්අඩංගුවට පත් සැකකරුවන් ඉඟුරුඔය ප්‍රදේශයේම පදිංචි අවුරුදු 22ක් හා 24ක් වන තරුණයින් දෙදෙනෙක් වන අතර, ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවත් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප මත මුදාහැර සිටින පිරිසක් වන බවත් පොලීසිය පැවසීය.

    සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව චීන ජාතික කාන්තාව පොලීසිය වෙත වට්ස්ඇප් පණිවුඩයක් යොමුකර ඇති අතර එහි මෙලෙස ද සටහන්ව තිබුණි.

    “මම සහ මගේ පවුලේ අය ලංකාවට ඉතා කැමතියි. මේ රට සහ මිනිසුන්, සෑම සිනහමුසු මුහුණක්ම, සෑම සුළඟක්ම අපව ස්පර්ශ කරයි. ඉඳහිට සිදුවන මෙවැනි නරක සිදුවීමක් නිසා ශ්‍රී ලංකාව පිළිබඳ මගේ හිතේ පවතින යහපත් හැඟීමට බලපෑමක් ඇති වීමට මම ඉඩ තබන්නේ නැත…

    චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සදාකල් පවතිනු ඇත.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 202603 Views

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ…

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.