Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තරුණයෙකුට දිවි අහිමි කළ අනතුර
    Featured

    තරුණයෙකුට දිවි අහිමි කළ අනතුර

    By LFNAugust 7, 2023Updated:August 7, 2023No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මඳුරන්කුලිය නගරය ආසන්නයේ දී අපරික්ෂාකාරී ලෙස ධාවනය වූ ලොරියක, යතුරුපැදියක් ගැටී බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර සිටි තුවාලකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    එලෙස අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගොස් ඇත්තේ, පුත්තලම, ජයබිම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි සුරේන්ද්‍ර අනුරුද්ධික නැමති පෞද්ගලික ආයතනයක සේවය කළ තරුණයෙකි.

    සාලියවැව ප්‍රදේශයේ පදිංචි අනෙක් තරුණයා ද බරපතළ තුවාල ලබා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    අනතුරින් මරණයට පත් තරුණයා හා තම මිතුරා සමග පුත්තලම දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී පුත්තලම දෙස සිට අපරික්ෂාකාරී ලෙස ප්‍රතිවිරුද්ධ දිශාවේ ගමන් කරමින් තිබු ලොරි රථයක් ඉස්සර කර යාමට සුදානම් වීමේ දී යතුරුපැදිය ලොරි රථයේ ගැටී අනතුර සිදුව ඇත.

    අදාළ ලොරි රථය එළවළු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් බවත් එය කොළඹ දෙසට ගමන් කර තිබු බවත් පොලීසිය පවසයි.

    අනතුරින් බරපතළ ලෙස තුවාල ලබා සිටි තරුණයින් දෙදෙනා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබුණද ඒ වන විටත් අනුරුද්ධික මරණයට පත්ව සිටි ඇත.

    අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා මඳුරන්කුලිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබු අතර මඳුරන්කුලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණි වික්‍රමසිංහ මහතා සමඟ රථවාහන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 202603 Views

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ…

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.