Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජල ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි
    Featured

    ජල ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

    By LFNAugust 3, 2023No Comments2 Mins Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.

    අගෝස්තු මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

    ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

    මෙම ජල ගාස්තු සංශෝධනය මගින් ජල ගාස්තු ඉහළ දැමීමක් සිදුකර ඇති අතර පරිහරණය කරන ඒකක ප්‍රමාණය අනුව එම ගාස්තු වැඩිවීම සිදුවෙයි.

    කෙසේවෙතත් සමෘද්ධිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ දැමීමක් මෙවර ගාස්තු සශෝධනයේ දී සිදුකර නොමැති බව සඳහන් ය.

    අනෙක් සෑම ක්ෂේත්‍රයක් සඳහාම වන ජල ගාස්තුව ඉහළ දමා ඇති අතර ගෘහස්ථ ජල ගාස්තුව ද මුල් ඒකක 05 සඳහා රුපියල් 20ක් වු ඒකකයක මිල නව ගාස්තු සංශෝධනයේ දී ඒකකයක් රුපියල් 60 දක්වා ඉහළ දමා තිබේ.

    පොදු ජල කරාම, උද්‍යාන ජල කරාම, රජයේ පාසල්, ආගමික ස්ථාන,රජයේ අනුමත පුණ්‍යායතන, රජයේ ආයතන සහ රජයේ රෝහල්වල ජල ගාස්තුව ද මෙවර ගාස්තු සංශෝධනයේ දී ඉහළ දමා තිබීම විශේෂත්වයකි.

    ඒකකයක් සඳහා අය කරන ගාස්තුව ඉහළ දැමීමට අමතරව මාසික සේවා ගාස්තුව ද මෙවර සංශෝධනයේදී ඉහළ දමා තිබේ.

    මීට පෙර පසුගිය සැප්තැම්බර් මස පළමු වනදා ද ජල ගාස්තු ඉහළ දැමීමක් සිදුකරනු ලැබීය.

    ජල ගාස්තුවලට අමතරව පාරිභෝගිකයින්ගේ මලාපවහන ගාස්තු ද අගෝස්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

    ගෘහස්ථ පරිභෝජනයේ නව ගාස්තු වැඩිවීම පහතින්,

    0 – 5 ඒකකයක් රු. 60
    මාසික ගාස්තුව රු. 300

    6 -10 ඒකකයක් රු. 80
    මාසික ගාස්තුව රු. 300

    11 -15 ඒකකයක් රු. 100
    මාසික ගාස්තුව රු.300

    16 – 20 ඒකකයක් රු. 110
    මාසික ගාස්තුව රු. 400

    21 – 25 ඒකකයක් රු. 130
    මාසික ගාස්තුව රු. 500

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 202603 Views

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ…

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.