කුසින් මෙලොවට බිහිකොට ඇතිදැඩි කළ දරුවෙකු පොලිස් ස්ථානයක් තුළදී තම මව ප්‍රතික්ෂේප කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
මෙම සිදුවීම වාර්තාවන්නේ වේයන්ගොඩ පොලිස් ස්ථානයෙනි.
75 හැවිරිදි සිය වයෝවෘද්ධ මවට රැකවරණයක් ලබාදීමට නොහැකි බව මෙම පුත්‍රයා මෙසේ පවසන්නේ වේයන්ගොඩ පොලිස් ස්ථානය තුළදීය.
එම සංවාදයෙන් පැහැදිලි වන්නේ දියණිය ද තම මව භාරගැනීම ප්‍රතික්ෂේප කරන බවය.
නීතියට පමණක් සීමා නොවූ වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා අමතකවූ ගුණදම් මවගේ පුත්‍රයාට තේරුම්කරදුන් අයුරුද එම වීඩියෝවේ පටිගතව තිබේ.
අපමණ දුක් විඳ ලේ කිරි කර පොවා තමාව ඇති දැඩි කළ මව, පුතා සහ දියණිය විසින් එලෙස ප්‍රතික්ෂේප වෙද්දි ඇයව භාරගත්තේ ඥාති පුත්‍රයෙකි.
මේ සිදුවීමේ පුත්‍රයාට සහ දියණියට ද කියන්නට කතාවක් ඇති බවට සැකයක් නොමැත.
නමුත්, සිද්ධිය කුමක් වුවත් මේ තමන් අතින් ප්‍රතික්ෂේප වන්නේ තමාව ආදරෙන් තුරුළට ගෙන හදාවඩා ගත් මෑණියන් බව අමතක කිරීම මිනිස්කමට නිගාදෙන්නක් බව නම් සඳහන් කළ යුතුය.