කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ තුන් හැවිරිදි දරුවකුගේ වකුගඩු සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියම කර තිබේ.
මෙම සිද්ධියට අදාළව බොරැල්ල පොලිසිය විසින් අද (02) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කළේය.