පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ ගිය ද ත්‍රීරෝද රථ ගාස්තු ඉහළ නොදමන බව ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් පවසයි.
පෙට්‍රල් මිල මාසයකට වතාක් ඉහළ පහළ දැමීමට ප්‍රතිචාර දැක්විය හැකි ත්‍රීරෝද රථ ගාස්තු නියාමනයක් අවශ්‍ය බවත් එවැනි නියාමනයක් හදුන්වාදීම බලධාරීන්ගේ වගකීම බවත් ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් කියයි.
ගාස්තු ඉහළ යන සෑම අවස්ථාවකදීම ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළ හොත් ජනතාව ත්‍රීරෝද සේවයෙන් තව දුරටත් ඈත්වනු ඇති බව ද ත්‍රීරෝද රථ වෘත්තිය සංගම් නියෝජිතයෝ පවසති.