රිදීමාලියද්ද යකහඋල්පත ප්රදේශයේ වැසිකිළි වළක සඟවා තිබූ කාන්තා මළ සිරුරක් ඊයේ ගොඩගත්තේය.
ඒ මහියංගණය මහේස්ත්රාත්වරයා ඉදිරියේදීය.
මීට දෙදිනකට පෙර අත්අඩංගුවට ගත් පිය පුතු දෙපළක් සිදුකළ පාපොච්චාරණයකට අනුව මෙම මළ සිරුර ගොඩගෙන ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව ඝාතනය කර මෙලෙස වැසිකිළි වළක සඟවා ඇති බවය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවූ කාන්තාවකි.
මෙම ඝාතනය සිදුව ඇත්තේ 2021 වසරේදීය.