Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට

    September 5, 2025

    කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

    September 5, 2025

    චීන ජනාධිපති හා රුසියානු ජනාධිපති අතර ඇති වූ ආන්දෝලනාත්මක රහස් කතාවක් එළියට

    September 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනියම් ප්‍රේමය අඹු සැමි යුවළට මරු කැඳවයි
    Featured

    අනියම් ප්‍රේමය අඹු සැමි යුවළට මරු කැඳවයි

    By LFNAugust 2, 2023No Comments2 Mins Read233 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වව්නියාව තෝනික්කල් ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමෙන් යුවළක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ.

    වවුනියාව තෝණිකල් ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර එම නිවසට කඩා වැදුණු පුද්ගලයින් 8 දෙනෙකු, එහි සිටි පිරිසට තියුණු ආයුධ වලින් පහර දී නිවසට ගිනි තැබීමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය මස 23 වනදාය.

    එහිදී නිවසේ සිටි පුද්ගලයින් 10 දෙනෙකු පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් අනතුරුව යුවළක් මියගියේය.

    පොලිස්පතිවරයාගේ නියෝග මත මෙහි ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කෙරුණි.

    මේ අතර, වව්නියාව පොලීසිය හා කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු‍ අතුඅඩංගුවට ගැනුණේ අපරාධය සදහා යොදාගත් යතුරු පැදි 03ක් ද සමගය.

    සැකකරුවන් වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ අතර,අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය මගින් පැය 48 ක රැඳවුම් නියෝග මත ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ.

    ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී අණවරණ වී ඇත්තේ ඝාතන කොන්ත්‍රාත්තුවක් මත මෙම අපරාධය සිදු කළ බවය.

    ඒ අනුව ප්‍රහාරය සඳහා යොදාගත් කඩු කිහිපයක් වවුනියාව වෛරව පුලියන්කුලම් වැවේ තිබී අද පස්වරුවේ සොයාගැනුණි.

    මෙම සිදුවීමෙන් මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ විවාහක ග්‍රාම නිලධාරීවරියක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බව මේ වනවිට හෙළිවී තිබේ.

    මේ අතර එම ග්‍රාම නිලධාරීවරිය එම ප්‍රදේශයේම තවත් විවාහක පුද්ගලයෙකු සමගද අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බවද පරීක්ෂණ වලදී හෙළී වී තිබේ.

    අනියම් සබඳතා පැවැත්වූ පුද්ගලයන් දෙදෙනා අතර ඇති වු ආරවුලක් මත එක් පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කිරීමට කොන්ත්‍රාත්තුව ලබා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    එම පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට

    September 5, 2025

    කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

    September 5, 2025

    තියුණු ආයුධකින් පහර දී කාන්තාවක් ඝාතනය කෙරේ

    September 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,289 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    ඇල්ලේ මාරක අනතුර සම්බන්ධයෙන් ජීප් රියදුරා අත්අඩංගුවට

    September 5, 20250186 Views

    පුද්ගලයින් 15 දෙනෙකුට මරු කැඳවූ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට…

    කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

    September 5, 2025

    චීන ජනාධිපති හා රුසියානු ජනාධිපති අතර ඇති වූ ආන්දෝලනාත්මක රහස් කතාවක් එළියට

    September 5, 2025

    තියුණු ආයුධකින් පහර දී කාන්තාවක් ඝාතනය කෙරේ

    September 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.