Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනියම් ප්‍රේමය අඹු සැමි යුවළට මරු කැඳවයි
    Featured

    අනියම් ප්‍රේමය අඹු සැමි යුවළට මරු කැඳවයි

    By LFNAugust 2, 2023No Comments2 Mins Read237 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වව්නියාව තෝනික්කල් ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමෙන් යුවළක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබේ.

    වවුනියාව තෝණිකල් ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයක් අතරතුර එම නිවසට කඩා වැදුණු පුද්ගලයින් 8 දෙනෙකු, එහි සිටි පිරිසට තියුණු ආයුධ වලින් පහර දී නිවසට ගිනි තැබීමේ සිදුවීම වාර්තා වුණේ පසුගිය මස 23 වනදාය.

    එහිදී නිවසේ සිටි පුද්ගලයින් 10 දෙනෙකු පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගතකිරීමෙන් අනතුරුව යුවළක් මියගියේය.

    පොලිස්පතිවරයාගේ නියෝග මත මෙහි ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කෙරුණි.

    මේ අතර, වව්නියාව පොලීසිය හා කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු‍ අතුඅඩංගුවට ගැනුණේ අපරාධය සදහා යොදාගත් යතුරු පැදි 03ක් ද සමගය.

    සැකකරුවන් වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වූ අතර,අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය මගින් පැය 48 ක රැඳවුම් නියෝග මත ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ.

    ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී අණවරණ වී ඇත්තේ ඝාතන කොන්ත්‍රාත්තුවක් මත මෙම අපරාධය සිදු කළ බවය.

    ඒ අනුව ප්‍රහාරය සඳහා යොදාගත් කඩු කිහිපයක් වවුනියාව වෛරව පුලියන්කුලම් වැවේ තිබී අද පස්වරුවේ සොයාගැනුණි.

    මෙම සිදුවීමෙන් මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ විවාහක ග්‍රාම නිලධාරීවරියක් සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බව මේ වනවිට හෙළිවී තිබේ.

    මේ අතර එම ග්‍රාම නිලධාරීවරිය එම ප්‍රදේශයේම තවත් විවාහක පුද්ගලයෙකු සමගද අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බවද පරීක්ෂණ වලදී හෙළී වී තිබේ.

    අනියම් සබඳතා පැවැත්වූ පුද්ගලයන් දෙදෙනා අතර ඇති වු ආරවුලක් මත එක් පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදු කිරීමට කොන්ත්‍රාත්තුව ලබා ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    එම පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.