Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය බැංකු අද වැඩ
    Featured

    රාජ්‍ය බැංකු අද වැඩ

    By LFNAugust 1, 2023No Comments2 Mins Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවලද විවෘතව තැබීමට රජය තීරණය කර තිබේ.

    අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමට සිටින පිරිසට ගිණුම් විවෘත කිරීමට පහසුවන ලෙස එම තීරණය ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල්වලට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබාදීමට රජය තීරණය කර තිබේ.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ සමෘද්ධි සහනාධාරය ලබන පවුල් 1,280,000ක් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා අයදුම් කර ඇති බවය.

    ඉන් 887,653 දෙනෙකු සඳහා අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ඇති බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

    ඒ අනුව අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094 දෙනෙකුට සමෘද්ධි දීමනාව තවදුරටත් ලබාදීමට තීරණය කර තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ කැබිනට් පත්‍රකාව ඊයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගෙන ඇති බව වාර්තාවේ.

    මේ අතර දැනට වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත ආධාර ලබන පිරිස් වෙනුවෙන් මීට පෙර ක්‍රියාත්මක වූ පරිදිම මුදල් ගෙවීම් සිදුකරනු ලබන අතර වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මඟින් ද වකුගඩු සහ ආබාධිත දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ද ලබාගත හැකි වේ.

    ඊට අමතරව ආගමික ස්ථානවල සිටින පූජ්‍ය පක්ෂයට, වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ ආබාධිත මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 11,660 දෙනාට ද පෙර පරිදි සිය දීමනා හිමිවන බව ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් සදහා ගිණුම් ලක්ෂ 10ක් පමණ විවෘත කර ඇති අතර ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා හැකි ඉක්මනින් ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.