මා ඔයේ, බෝඇල්ලේ දියනෑමට ගිය යුද හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාවනැල්ල අත්තනගොඩ ප්රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි යුද හමුදා සෙබළා යහළුවන් සමග දියනෑමට ගොස් ඇති බවට වාර්තාවේ.
එහිදි තරුණයා දියේ ගිලී අතුරුදන්ව ඇති අතර, පසුව අසල්වැසියන් එක්ව ඔහුව සොයාගෙන ගොඩට ගෙන ඇත.
පසුව යුද හමුදා සෙබළාව මාවනැල්ල මුලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොල්ගහවෙල, මහමෙව්නාව පාර, යටිගල් ඔළුව ප්රදේශයේ පදිංචිව සිටි කුමාර නැමති අවුරුදු 23ක යුද හමුදා රියදුරුවරයෙකි.