Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාස දෙකක් තුළ ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කරන්න සාකච්ඡා
    Featured

    මාස දෙකක් තුළ ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කරන්න සාකච්ඡා

    By LFNJuly 31, 2023No Comments2 Mins Read185 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි මාස දෙක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    මේ අතර ඊයේ දවස වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 101 ක් ඔක්ටේන් 92 පෙට්‍රල් අවම තොග පවත්වාගෙන යාමට අපොහොසත්ව ඇති අතර පිරවුම්හල් 61 ක් ලංකා ඔටෝ ඩීසල් අවම තොග පවත්වාගෙන යාමට පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇතැයි අමාත්‍යවරයා අනාවරණ කළේය.

    ජනතාවට අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග තෙල් සංස්ථාව සතු බැවින්, නිසි පරිදි අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    මාතර පැවති බලමණ්ඩල රැස්වීමකදී අමාත්‍යවරයා ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද මෙලෙස අදහස් පළ කළේය.

    “අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමත්, මුදල් අමාත්‍යාංශයත්, කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරලා ඊළඟ මාස දෙක ඇතුළේ සම්පූර්ණයෙන්ම කෝටා ක්‍රමය අවසන් කරන්න පුළුවන් ද කියන තීන්දුව ගන්න. හැම මාසයේම මිල සංශෝධනයක් වෙනවා. ඉදිරි සතියේ පළමු සතිය ඇතුළේ අපි ඉන්ධන මිල සංශෝධනය කරනවා. මිල සංශෝධනය කරන එකට ඉන්ධන පිරවුම්හල් තියෙනවා කිහිපයක් හැමදාම ඉන්ධන තොග තියාගන්නේ නැතුව ඉන්නවා. සමහරු ඇනවුම් කරන්නේ නෑ. මම ඊයේ බැලුවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකාවේ තියෙන ඉන්ධන පිරවුම්හල් 1,200න් පිරවුම්හල් 101ක් පෙට්‍රල් තොග තියා ගන්න ඕනේ ප්‍රමාණය තියාගන්නේ නෑ. ඉන්ධන පිරවුම්හල් 62ක් අද උදේ බලද්දි ඩීසල් ප්‍රමාණවත් තොග තියාගෙන නැති. අපි පහුගිය මාසයේ ඉන්ධන පිරවුම්හල් 4ක් අපි පවරා ගත්තා. තොග තියාගෙන යන්නේ නැති නිසා. මම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කිව්වා ඇනවුම් කරලා තොග පවත්වාගෙන යන්නේ නැතුව ජනතාව අපහසුතාවට පත් කළොත් කවුරු වුණත් කමක් නෑ පිරවුම්හල පවරා ගන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 2026

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    2026 අප්‍රේල් මස විදේශ විනිමය ප්‍රේෂණ සියයට 19කින් ඉහළට

    May 12, 202603 Views

    2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ…

    හිටපු ඇමති පියංකර ජයරත්න අල්ලස් කොමිසමෙන් පිටව යයි

    May 12, 2026

    ‍එංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්

    May 12, 2026

    කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්

    May 12, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.