Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Political»අනංගයන් පිරිසක් ගැන මැතිසබයෙන් පැමිණිල්ලක්
    Political

    අනංගයන් පිරිසක් ගැන මැතිසබයෙන් පැමිණිල්ලක්

    By LFNJuly 30, 2023No Comments1 Min Read169 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් එල්ල වන්නේ යැයි පැවසෙන ලිංගික හිංසනයන් සහ අඩම්තේට්ටම් සම්බන්ධයෙන් එම සේවිකාවෝ පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා පැමිණිලි කළහ.

    තමන්ට ඇතැම් ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් කාලාන්තරයක් තිස්සේ විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවත් මෙවැනි දේවල්වලට අවනත නොවන්නේ නම් විවිධ පළිගැනීම්වලට ලක්කරන බවත් එම සේවිකාවෝ පෙන්වා දෙති.

    මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවී තමන්ට සාධාරණය ඉටු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

    මේ පිළිබඳව අප පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ එවැනි තත්වයක් පවතී නම් තමා ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.

    සමහර සේවිකාවන් තම රැකියා නැති වේ යැයි යන බියෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පවා බියවී සිටින බව වාර්තා වේ.

    මේ අතර මේ සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයටද ලිඛිතව පැමිණිලි කිරීමට කටයුතු කරගෙන යන බව එම සේවිකාවෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසයට සජිත් දෙවැනි දිනටත් යයි

    February 1, 2026

    මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ ගැසට්ටුව යළි දීර්ඝ කෙරේ

    February 1, 2026

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත්වන සියලු දරුවන්ට අගමැතිගෙන් සුබ පැතුම්

    January 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 202602 Views

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මහනුවර – යාපනය…

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක්

    February 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.